මුදල් කමිටු සභාපතිගේ වාර්තාවට කමිටුවේ බහුතරයගේ විරෝධය

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලෙස එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් එම කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් 28 කගෙන්  මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදී ඇත.

එම වාර්තාවට තමන් අනුමැතිය  නොදුන් බව කතානායකවරයාට බාර දුන්  ලිපියේ සඳහන් වන බව පැවසේ. ඒ අනුව කමිටුවේ බහුතරය එම වාර්තාව ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ එම කාරක සභාවේ සාමාජික කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත්  සී දොළවත්ත මහතා  ප්‍රකාශ කොට ඇත්තේ එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට බහුතර මන්ත්‍රීවරුන් අනුමැතිය නොදුන් බවයි.

අනුමැතිය නොදුන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවද ඒ මහතා පවසා ඇත..

එසේම විගණකාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් තවමත් ඉදිරිපත් කර නැති අවස්ථාවක සහ  මන්ත්‍රීවරුන්ද වාර්තාවක් ලබාදීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවක  මෙම වාර්තාව  ඉදිරිපත් කිරීම නොගැලපෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

කටුනායක ගුවන්තොටුපළේ වීසා ක්‍රියා පටිපාටිය පිළිබඳ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලෙස ඉහත කී වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *