22 සංශෝධනය ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපත්වරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පරස්පරතා ඉවත් කිරීම මෙම සංශෝධනයේ අරමුණ වී තිබිණි.
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමි වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අප අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවර ගන්නා බවයි.
ඡන්දය කල් දැමීම සඳහා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන්ද පසුගියදා චෝදනා එල්ල කෙරිණ.
මේ අතර ඉදිරි සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සැකසීමේ පක්ෂ නායක රැස්වීම අද පැවති අතර 22 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමක් ගැන එහි දී සාකච්ඡා වී නැත.
විපක්ෂය චෝදනා කරමින් සිටියේ 22 දා මෙම සංශෝධනය ඉදිරිපත් කොට ඡන්දය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ය.
