පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ කීම බොරුවක් ; කිසි දිනෙක 12,000 කට වඩා අඳුරේ නැහැ – ඇමති කංචන විජේසේකර

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ යැයි සමහරු ප්‍රචාරය කරන්නේ විසන්ධි කළ සම්බන්ධතා නැවත ලබා දී ඇති බව සැලකිල්ලට නොගෙන බවත්, පැය ගණනක දී හෝ දින කිහිපයක් තුළ හිග මුදල් ගෙවා  සම්බන්ධතා නැවත ලබාගන්නා බවත්, ඕනෑම දිනක විසන්ධි වී ඇති සඛ්‍යාව 12,000 ක් පමණ බවත් විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

ඒ මහතා කීවේ හිග බිල් අයකර ගැනීමට විදුලි විසන්ධි කිරීම බොහෝ කලක සිට සිදුවන බව යි. එවිට බොහෝ විට පැය ගණනක් තුළ මුදල් ගෙවා සම්බන්ධතාව නැවත ලබා ගැනීම සිදුවෙයි. ඇතැම් විට දිනක් දෙකක් තුළ එය සිදුවෙයි. එලෙස විදුලිය විසන්ධි වී සිටින පිරිස ඕනෑම දිනක 12,000 ඉක්මවන්නේ නැත. එම පිරිස ද ඊළඟ දින කිහිපය තුළ සම්බන්ධතාවය ලබා ගනී.

විදුලිය කපා ලක්ෂ 10 ක් අඳුරේ බව ඇතැම් අය ප්‍රකාශ කරන්නේ ආපසු දුන් සංඛ්‍යා සැලකිල්ලට නොගෙන විසන්ධි කළ සංඛ්‍යා පමණක් යොදාගෙන ය.

ඇමතිවරයා මෙම තොරතුරු හෙළි කළේ  විසන්ධි කළ ලක්ෂ 10 ක පාරිභෝගිකයින්ගේ විදුලි සැපයුම් මෙම විදුලි ගාස්තු අඩු කිරීමෙන් පසු ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *