පහුගිය ජූනි 06 වෙනිදායින් පස්සේ විවාද කරච්චලය ඉවරයි කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියා.ITN විවාදයට ආපු අනුර කිව්වේ සජිත් එක්ක ආයෙත් විවාද නෑ කියලයි.හැබැයි සජිත්ගේ පැත්තෙන් නං තවමත් විවාදය අතෑරලා නෑ.08 වෙනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ සමගි ධීවර ජන පවුරේ රැස්වීමකදී සජිත් ආයෙත් පරණ අභියෝගයම මාලිමාවට කළා.සජිත් කියන්නේ හෙට උනත් කමක් නෑ විවාද දෙකටම දින දාගමු කියලයි.ඉස්සෙල්ලා ආර්ථික කමිටු විවාදය තියලා දවස් කීපයකින් නායකයන් අතර විවාදය තියමු කියලයි සජිත් යෝජනා කරන්නේ.
අපේ රටේ ජනතාව කියන්නේ දේශපාලන වාද විවාදවලට සංවේදී කොට්ඨාශයක්.එහෙම හිටිය ජන කොටසකට තමයි සජිත් සහ අනුර දෙන්නා එකතු වෙලා දේශපාලන විවාද අප්පිරියා කළේ. ජූනි 06 වෙනිදා අනුර ITN තුලාවට ඇවිත් පාලු ගෙයි වලං බිඳිද්දී අනුරගේ කටින් පැන්න කතා කීපයකින් අනුරලා හංගාගෙන ඉන්න සමහර පැති රටට නිරාවරණය වුනා.අනුරගේ කථාවෙන් මාලිමාවට ආර්ථික වැඩපිලිවෙලක් නැති බව ආයෙත් තහවුරු වුනා.
මාලිමාව පැත්තෙන් ආර්ථික කමිටු විවාදය ප්‍රතික්ෂේප කරමින් නලින්දලා,හදුනෙත්තිලා කිව්වේ හර්ෂලා හෙට රනිල් ළඟ ඉන්න උනත් පුළුවන්.සජිත් සහ හර්ෂලා එකිනෙකා පරස්පර කතා කියනවා වගේ නිදහසට කරුණුයි. කොහොමත් සජබ සහ රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙලේ ලොකු වෙනසක් තියෙන්න විදිහක් නෑ.දාගෙන තියන නම් දෙකේ වෙනස හැර වෙන නං වෙනසක් නෑ.
සජිත් රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියට කියන්නේ ගජමිතුරු ධනවාදය කියලා.සජිත් එයාගේ එකට කියන්නේ මානුෂීය ධනවාදය කියලා.ඔය කොයි නම කිව්වත් දෙකම එක බව රටේ රාළ නං දන්නවා.ඇත්තටම ඔය දෙකටම වඩා වෙනස් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි අනුර ළඟ.හැබැයි අනුර කියපු කතාවලින් තේරුණේ අනුරලටත් ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවයි.
එයාලත් රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ කෑලි හොරකම් කරගෙන එයාලට එකක් හදන්න උත්සාහ කලත් තවම බැරිවෙලා.අනුර කිව්වේ එයා බලයට ආවත් IMF එකත් එක්ක තියන ක්‍රියාවලියෙන් ඉවත් වෙන්නේ නෑ කියලයි.රනිල් දැන් IMF එකත් එක්ක රට ගැටගහලා ඉවරයිලු. ඒක හින්දා ඒ පාරේ යන්න වෙනවා කියලයි අනුර කියන්නේ.අනුරගේ වචනවලින්ම කියනවා නං රනිල් පොල් ගෙඩියේ නැට්ට කරකවලා තියෙන්නේ.
ඒක ඔහොම තිබුනොත් පොල් ගෙඩිය කාගේ හරි ඔළුවට කඩා වැටෙයිලු.රනිල් කරකවපු ගෙඩිය ඉතිරි ටිකත් කරකවලා කඩන්න ඕනි කියලයි අනුර කියන්නේ.ඒ ඉතිරි ටික කරවලා ගෙඩිය කඩන වැඩේ අනුරට කරන්න පුළුවන්ලු.ඒ එක්කම අනුර කියන්නේ රනිල් නැට්ට කැරකවලා තියලා ආවේ නැත්තං වෙන උත්තර හදන්න පුළුවන්කමක් තිබුණා කියලයි.හැබැයි රනිල් නැට්ට කරකවන්න ඉස්සෙල්ලා පොල් ගහ පිටින්ම බාරගන්න කියන යෝජනාව සජිත්ට වගේම අනුරටත් ආවා.
ඒ යෝජනාව එනකොට පස්ස නොබලා දුවපු අනුරලා දැන් කියනවා රනිල් නැට්ට කරකවලා ගිය හින්දා ඒ පාරේ එයාලටත් යන්න වෙනවා කියලා.අනුර කියන විදිහට රනිල් නැට්ට කරවලා නං තියෙන්නේ ඉතිරි ටිකත් කරකවලා ගෙඩිය කඩන්න රනිල්ටම කියන්න පුළුවන්.අනික රනිල් නැට්ට තවමත් කරකවමින් තමයි ඉන්නේ.නැට්ටේ ඉතිරි ටික කරවන්න කාටවත් දෙන්න රනිලුත් ලෑස්ති නෑ වගෙයි පේන්නේ.කොහොම උනත් මෙතනදී එක දෙයක් පැහැදිලියි රනිල් බංකොලොත් වෙච්චි රටක් බාර ගත්තා.
ඒ වෙලාවේ රනිල් තමන් ඉගෙන ගෙන තියන ක්‍රමය තමයි ආදේශ කළේ.හැබැයි රනිල් ඒ ක්‍රමය විශ්වාසයෙන් ආදේශ කලා.ඒක ආදේශ කරණකොට අනුරලා කිව්වේ IMF ගිහින් ලෝකේ මොන රටද ගොඩ ගියේ කියලා.හැබැයි දැන් රනිල් ආපු වැල් පාලමේ ඉතිරි ටික යන්න අනුරත් ලෑස්ති කියන එකෙන් එක දෙයක් පැහැදිලියි. ඇත්තටම රනිල් පොල් ගෙඩියේ නැට්ට විතරක් නෙවෙයි කරකවලා තියෙන්නේ.රනිල් අනුරගේ නැට්ටත් කරකවලා.
අනුරගේ නැට්ට කරකවලා අනුරත් රනිල්ගේ පැත්තට හරවාගෙන.දැන් අනුරලා යන්න හදන්නේ රනිල් ආපු ගමනේම ඉතිරි දිගුව.දැන් එන ප්රශ්නය ඒක රනිල්ට වඩා හොඳට අනුරට කරන්න පුළුවන්ද කියන එකයි.මොකද රනිල් පොල් ගෙඩියේ නැට්ට කරකවන්න ඉස්සෙල්ලා මහ සැඩ සුළං මැද්දේ තමයි පොල් ගහට ගොඩවුනේ.එතනදී රනිල් ලොකු අවධානමක් ගත්තා.අරගෙන තමයි බංකොලොත් රට යථාවත් කළේ.අදත් අනුරලා,සජිත්ලා,රාජපක්ෂලා ඒ පැසසුම රනිල්ට දෙන්නේ නැති උනාට ජාත්‍යන්තර වශයෙන් ඒ ගෞරවය රනිල්ට හම්බ වෙලා ඉවරයි.
පහුගිය දා ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලයේදී කතා කරලා තිබුණේ බංකොළොත් බවට පත්වෙච්චි ශ්‍රී ලංකාව අද තියන තත්වයට පත්වීම ආශ්චර්යක් කියලයි.අපෙන් පස්සේ බංකොලොත් උන රටවලට IMF එකෙන් උපදෙස් දීලා තිබුණේ Follow Sri Lanka කියලයි.ඒ වගේම ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් අපි මේ තරම් ඉක්මනට අවධානමෙන් මිදීම ගැන පුදුම වෙනවා.ගිය 06 වෙනිදා IMF නියෝජිතවරියක් උන Julie Kozach අපේ රටේ දැන් තත්වය ගැන විග්රහ කළා.
ශ්‍රී ලංකාව ඇතුලේ මේ වනවිට ක්‍රියාත්මක වෙන සර්ව ආර්ථික ප්‍රතිපත්ති පල දැරීමට පටන් අරන් ඇති බවත් නිර් උද්ධමනය,ශක්තිමත් ලෙස සංචිත ගොඩනැගීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව රැක ගනිමින් අත්පත් කරගෙන තියන ප්‍රතිපල ප්‍රසංසනීයයි කියලා එයා කිව්වා.ඇත්තටම ඒ අභියෝග බාර අරගෙන ඒ වැඩපිලිවෙලට දේශපාලන නායකත්වයට දුන්නේ රනිල්.
ඒක නිසයි අනුරලාට පවා තමන්ගේ වැඩපිලිවෙල වෙනස් කරලා රනිල් ගෙනාපු වැඩපිලිවෙලේ ඉස්සරහට යන්න සිද්ධ වෙලා තියනවා.අනුරලා දේශපාලන අධිකාරී බලය ඉල්ලන්නේ රනිල්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න.ඒකයි රටේ රාළ කියන්නේ රනිල් පොල් ගෙඩියේ නැට්ට විතරක් නෙවෙයි අනුරලගේ නැට්ටත් කරවලා කියලා. ඇත්තටම දැන් සජබ සහ මාලිමාව ක්‍රියාත්මක කරන්න හදන්නේ රනිල්ගේ වැඩපිලිවෙල.
රනිල්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න කෙලින්ම රනිල්ට දෙනවද නැත්තං අනුරට හරි සජිත්ට හරි දෙනවද කියලා මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනි.ජනතාවට ඕනි නං කෙලින්ම රනිල්ගේ වැඩපිලිවෙලට සම්බන්ධ වෙන්න පුළුවන්.නැත්තං අනුර හරි සජිත් හරි හරහා රනිල්ගේ වැඩපිලිවෙලටම සම්බන්ධව වෙන්න පුළුවන්.කොයි පැත්තෙන් ආවත් ඊළඟ අවුරුදු පහ අපට යන්න වෙන්නේ රනිල් කපලා දුන්න පාරේ.
ඒ පාරේ රනිල් එක්ක යනවද නැත්තං අනුර හරි සජිත් හරි එක්ක යනවද කියලා රටේ ජනතාව තීරණය කරන්න ඕනි.මෙතනින් එහාට තියෙන්නේ වංකගිරියක් කියලා දැන් කවුරුත් දන්නවා.ඇත්තටම පළපුරුදු මඟ පෙන්වන්නෙක් නැතිව අනුන්ගේ පානෙන් එලිය බල බලා පාර හොයන අයත් එක්ක නම් වංකගිරියක යන්න බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.