‘රනිල්, මහින්දව අසරණ කරලා’ – ඩලස්

linkedin sharing button
whatsapp sharing button
පොහොට්ටු පාක්ෂිකයන් තම පරමාදර්ශී නායකයා ලෙස පිළිගත් මහින්ද රාජපක්ෂ, වත්මන් පාලනය අසරණ තත්වයකට ඇද දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි

ජනාධිපතිවරයා විසින් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පසුගිය සඳුදා (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත්තේ 10 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කිරීමට යැයි මාධ්‍ය ඇමතූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

”මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටියේ ජාතික සම්පත් විකිණීම මේ මැතිවරණ කාල සීමාව තුළ වහාම නතර කරන ලෙසයි. පැය 72 ක් තුළ එයට දරුණු ලෙස ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සිදු කළේ, IMF සමග වූ එකඟතාවය අනුව, ප්‍රතිව්‍යුහකරණය නමින් රාජ්‍ය සම්පත් පුද්ගලික කරණය කිරීමට  අදාල ගිවිසුම් නීති ගත කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ පනත නමින් (Economic Transformation Bill) නමැති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි” මන්ත්‍රීවරයා සඳහන් කළේය. එසේම, එය නුදුරු කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නීතියක් බවට පත්කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් විසින් තම පරමාදර්ශී නායකයා ලෙස හඳුන්වන මහින්ද රාජපක්ෂ මැතිතුමා වත්මන් පාලනය විසින් කොතරම් අසරණ තත්ත්වයකට ඇද දමා තිබේදැයි මෙමගින් මනාව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *