මාලිමාව දෙදරයි – රටේ රාළ

මාලිමාව සහ ජවිපෙ අතර නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය දවසින් දවස වර්ධනය වෙනවා.කළුතර කොට්ටහච්චි සහ නලින්ද ගැටුම දැන් Facebook එකෙත් ප්රසිද්ධ සටනක්.ගොඩක් දුරට ඒවට බලපාලා තියෙන්නේ පෞද්ගලික කාරණා.රටේ රාළ ඒවා කතා කරන්නේ නෑ.අනුරගේ පහුගිය ඕස්ට්රේලියානු සංචාරයේදී අනුරගේ හොඳම විශ්වාසවන්තයා විදිහට හිටපු කෙනාත් දැන් මාලිමාව දාලා ගිහින්ලු.
අනුර ඕස්ට්රේඩියාවට ගොඩබහිනකොට අනුර පිලිගන්න ආවෙත් එයා ඇතුළු කණ්ඩායමක්. ජවිපෙ සහ මාලිමාවේ ගැටුම කියන්නේ මොකද්ද කියලා ඔයාලට තවමත් ප්රශ්නයක් වෙන්න ඇති. රටේ රාළ කියන්නේ ඉස්සෙල්ලාම අපි ලෙහාගන්න ඕනි ඒක.රටේ රාළලා ජවිපෙ නියෝජනය කරන කාලේ ජවිපෙ කියන්නේ බොහොම සංවිධානාත්මක පක්ෂයක්.පක්ෂය ඇතුලේ දැඩිව පවත්වාගෙන ගිය සංවිධාන විනයක්,මූල්ය විනයක් සහ මතවාදී ඒකාග්රතාවයක් තිබුණා.
ජවිපෙ ඇතුලේ බොහෝ කාරණා දේශපාලන මණ්ඩලය,මධ්යම කාරක සභාව ඇතුලේ සාකච්ජා කරලා තීන්දු ගත්තා.ඒ වගේම ඒවා එළියට දෙන ප්රමාණයත් ඒ සංවිධාන ඇතුලේම තීන්දු කළා. එහෙම සංයමයක් සහ පාක්ෂික අර්ථයෙන් සාමාජිකයා රැකගැනීමේ සම්ප්රදායක් ජවිපෙ ඇතුලේ තිබුණා.ඒ සියල්ල විනාශ කළේ අනුර, ටිල්වින්,විජිත,ලාල් කියන හතරදෙනාගේ කල්ලිය.
උදාහරණයක් ගත්තොත් විමල් ජවිපෙ ප්රචාරක ලේකම් විදිහට ඉන්න කාලේ ජවිපෙ පසුකරමින් තිබුණේ ඉතාමත් දුෂ්කර කාලරිච්ඡේදයයක්. විමල්ගේ මොන අඩුපාඩු තිබුණත් විමල් පක්ෂය වෙනුවෙන් ඒ වගකීම බාර ගත්තා. ඒ වෙනුවෙන් උපරිමය කළා.නන්දන එදා ජනාධිපති අපේක්ෂකයා උනේ ස්වකැමැත්තෙන් නෙවෙයි. පක්ෂය දුන්න වගකීමයි නන්දන බාර ගත්තේ. විමල් ජවිපෙ සම්බන්ධව සමාජයේ තිබුණ අසුභවාදී ආකල්පය බිඳලා දැවැන්ත සුභවාදී ආකල්පයක් හැදුවා.ඇත්තටම ටිල්වින් විමල්ට වෛර කළේ විමල්ගේ තිබුණ ඒ කථික හැකියාවට.
එහෙම නැත්තං විමල්ට වඩා ගොඩක් අඩුපාඩු ටිල්වින්ගේ තිබුණා.ටිල්වින්ට ආවේ ගොඩක් සදාචාර ප්රශ්න සහ පලිගැනීම් සම්බන්ධ ප්රශ්න.පක්ෂයේ පහළ සාමාජිකයින් ප්රේම සම්බන්ධතා හදාගත්තම ටිල්වින්ලා උන් හම ගැහුවේ නැතිව විතරයි.ඒත් ටිල්වින්ලා ඒ නිදහස ඕනිවටත් වැඩිය බුක්ති වින්දා.විමල් පක්ෂය අභියෝගයට මුහුණ දෙන ගොඩක් වෙලාවලදී කටට ආපු උත්තරය දීලා ආවේ නෑ.මම ඒක පක්ෂයත් එක්ක කතා කරලා කියන්නම් කියලා කියන්න තරමට විමල් ගොඩක් තැන්වලදී නිහතමානී වුනා.
එදා ජවිපෙ සාමාජිකයා තමන්ගේම ජීවිතයටත් වඩා ඉහළින් පක්ෂය තිගෙන හිටියා.විමල්ගෙත් ඒ ලක්ෂණය තිබුණා.ජවිපෙ ඇතුලේ විමල් කියන්නේ වැරද පිළිඅරගෙන, අඬලා,දොඩලා නැවත වැඩකරපු කෙනෙක්.නන්දනලා, කුලරත්නලා කියන්නේ පක්ෂය ඇතුලේ නිවැරදිදේ වෙනුවෙන් සටන් කරපු නායකයින්.හැබැයි අනුර, ටිල්වින් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිත තුනක්.ලාල්ගේ ඊට වඩා පොඩි පොඩි හොඳ ලක්ෂණ තිබුණා.අනුරලාට කවදාවත් පක්ෂයක් ගැන හැගීමක් තිබුණේ නෑ. 88/89 දිත් එහෙමයි, අදත් එහෙමයි.
නැත්තං අර නලින් හේවගේලා කියන කතා පාලනය නොකර හිටීද?පක්ෂ ඉතිහාසය ඇතුලේ සන්නද්ධ නැගිටීම් දෙකක් සිද්ධ වුනා.ඒ සියල්ල දේශපාලනිකයි.ඒක ඇතුලේ අඩුපාඩු ඕනි තරම් තිබුණා.සෝමවංශ ඒවා පිලි අරගෙන ජාතියෙන්ම සමාව ගත්තා.ජවිපෙ කවදාවත් කසිප්පුකාරයෝ, හොරු මැරුවේ නෑ.පක්ෂයට සම්බන්ධ කරගෙන ඒ මිනිස්සුන්ට උගන්නලා යහපත් මිනිස්සු කළා. සන්නද්ධ අරගලය ගැන මෙලෝ දෙයක් නොදන්න නලින් හේවගේ වගේ දේශපාලන තොත්ත බබාලා ඇවිත් පක්ෂ ඉතිහාසය විකෘති කරනවා.
භැබැයි ඉතින් තිස්ස කුටිටිලා එක්ක දාන්න හොඳම නං නලින්ලා වගේ අය තමයි.මොකද දෙපැත්තටම ඕනි දේශපාලන බලු පොරය එතන තියනවා.
අනුරලා,ටිල්වින්ලා හැමදාම හිතුවේ පක්ෂය කියන්නේ එයාලා කියලයි,එයාලට ඕනි ඒවා තමයි කියන්නේ,එයාලට ඕනි දේවල් තමයි කරන්නේ. අනුරලා,ටිල්වින්ලා කරන තරමක් කළේ දේශපාලන තක්කඩි වැඩ,සන්නද්ධ අරගලය ඇතුලේ අනුරගේ සහ ටිල්වින්ගේ භාවිතාවලින් ඒක තේරෙනවා.කවදාවත් පක්ෂය ඇතුලේ එයාලා වරදක් පිලිගන්න තරම් නිහතමානී වෙලා නෑ.අපි තමයි තීන්දු තීරණ ගන්නේ අපට එහා කවුරුත් නෑ විදිහට තමයි හතර දෙනාගේම කල්ලිය වැඩ කළේ.ඒවටම හරියන්න දේශපාලන මපට්ලා සෙට් එකක් ජවිපෙ ඇතුලේ හදාගත්තා.
අනුර ” පක්ෂ අනුමැතිය ” කියන එක මාර විදිහට අවභාවිතා කරපු කෙනෙක්.මොකක් හරි වැඩක් ගැන කියාලා පොඩි ඉඩක් හදාගෙන ඒක අමු අමුවේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් පාව්ච්චි කළා.වී එෆ්එම් එක විකුණද්දී උනේ ඒක.ඒක ගැන මාර දුකක් හා වේදනාවක් සෝමවංශට තිබ්බා. තවත් උදාහරණයක් විමල්ගෙන්ම ගන්න පුළුවන්. ඒ කාලේ ජවිපෙ සහ සිරස අතර ලොකු ගැටුමක් නිර්මාණය වුනා.ජවිපෙ වෙනුවෙන් සිරසේ උදහසට ලක්වුනේ විමල්.
සිරස දිගට හරහට විමල්ට ගැහුවා.කටුස්සා ඇදපු දැවැන්ත බිල් බෝඩ් නගරවල ගැහුවා.ඒ වෙලාවේ අනුර දේශපාලන මණ්ඩලයට කියලා තිබුණේ මාධ්ය ආයතනයක් එක්ක ගැටුම් හදාගන්න ඕනි නෑ,මට ලයින් එකක් තියනවා ඒක හරහා මහා රාජා එක්ක කතා කරලා බේරගන්නද කියලයි. අනුර අනුමැතිය ගත්තේ විමල් බේරන්න වගේ. හැබැයි අන්තිමට උනේ අනුර මහා රාජාගේ දේශපාලන බඩියෙක් බවට පත්වීමයි.
ඊට පස්සේ තමයි අනුර ක්රිකට් මැච් බලන්න පවා කිලී මහ රාජාගේ කාමරයට රිංගන්න පටන් ගන්නේ.අනුර යහපාලන ආණ්ඩුවේදී රනිල් ආශ්රය කළෙත් එහෙමයි.තනිකරම රනිල්ගේ දේශපාලන බඩියා උනේ අනුර.විමල්ට වැරදුනේ විමල් ජානීපෙය ඇතුලේ අනුර කෙනෙක් වීමෙන්.පක්ෂ භාණ්ඩාගාරික විදිහට හිටිය අනුර තමයි පක්ෂයේ මූල්ය ප්රතිපත්තිය කඩ කලේ.ඕනිම කෙනෙක්ගෙන් මුදල් ගන්න ජවිපෙ කිසි කෙනෙක් තිනියෙම ගියේ නෑ.හැබැයි අනුරලා ඒ ක්රමය බින්දා.ඒ සම්බන්ධ කතා විතරක් නෙවෙයි විඩියෝ පට හඩපටත් හෙට දවසේ එලියට එන්න බැරි නෑ.
පක්ෂයට උදව් කරන්න ආපු ව්යාපාරිකයින්ට අන්තිමට උනේ එක එක්කෙනාට පුටු සෙටි,ටීවී, වොෂින් මැෂින්,ෆිජ් අරන් දෙන්න.කමිස කලිසම් අරන් දෙන්න.ඒවත් ඔක්කොම branded ඒවා.මේවා ඔක්කොටෝම පක්ෂයේ නම තමයි පාව්චිචි වුනේ.හැබැයි කවදාවත් විමල්ට දඩුවම් කරපු විදිහට හදුනෙත්තිට දඩුවම් කළේ නෑ. පෙරටුගාමින් වෙන්වුන දේශපාලන මණ්ඩලයේදී ටිල්වින්ට එල්ලවුනේ බරපතල චෝදනාවක්.ආය මූණ බලන්න නෙවෙයි වහ කන්න ඕනි චෝදනාවක් ඒක.ටිල්වින් එක්ක ඊට සම්බන්ධ අනිත් පාර්ශවය වරද පිලිගත්තා.ඒත් ඒක ගැන කතා කළේවත් නෑ.
ජවිපෙට හම්බ උන මහා ධනස්කන්ධය ගියේ ඒක කල්ලියක සුඛවිහරණයට විතරයි.පක්ෂය වෙනුවෙන් මැරුණ 60000 ක් සහෝදර සහෝදරියන්ගේ ලමයෙකු පොතක් පතක් අරන් දෙන්න ජවිපෙ හිඟන්නන් ඒ ශතයක් වියදම් කළේ නෑ.අඩුම ගානේ 88/89 අතුරුදහන් උන තමන්ගේ දරුවා එයි කියලා තවමත් බලාගෙන ඉන්න අම්මෙකුට,තාත්තෙකුට එක පෙනඩෝල් පෙත්තක් අනුරලා අරන්දීලා නෑ.
ජවිපෙ ඇතුලේ තිබුණ සියලු යහපත් ලක්ෂණ විනාශ කළේ අනුර,ටිල්වින් ඇතුළු හතර දෙනාගේ කල්ලිය.ජවිපෙ තිබුණ සංවිධාන විනය,මූල්ය විනය, සහෝදරාත්මක සංස්කෘතික සියල්ල විනාශ කලේ එයාලා.
එහෙම තමන්ගේ පක්ෂයේ විනය රකින්න බැරි උන අනුරලා දැන් මාලිමාව කියලා තවත් දේශපාලන අට්ටාලයක් අටවගෙන තියනවා. තමන්ගේම පක්ෂයේ විනය රකින්න බැරි අනුරලාට එකිනෙකට පරස්පර විරෝධී බලවේග දෙකක විනය හදන්නේ කොහොමද?යහපත් සංස්කෘතියක් හදන්නේ කොහොමද?එහෙම කරන්න පුළුවන් වෙන්නේ වගකීම් සහිත, කැපකිරීම් සහිත,න්යායික ස්ථාවරයන් සහිත, ප්රතිපත්ති ගරුක පිරිසකට විතරයි.අනුරලා, ටිල්වින්ලා කියන්නේ එහෙම අය නෙවෙයි.
තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ඕනිම පහත් වැඩක් කරන්න එකඟ මිනිස්සු.ඒක තේරුම්ගත් සැනින් ඔය සියල්ල මාලිමාව දාලා යනවා.ඒකයි ගොඩක් අය රැලිවලට බයේ වෙව්ලද්දී රටේ රාළ කිව්වේ රැල්ලි හදුනට ඒ රැලි පවත්වාගෙන යන්න එයාලට බෑ කියලා.සතා මොකාද කියලා දැනුන ගමන් ආපු කට්ටිය ආපහු හැරෙනවා.ගිය ජනාධිපතිවරණයේදී පක්ෂයවත්, මාලිමාවත් කියන්න ඉස්සෙල්ලා මම තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා අනුර මැදට පැන්නා.ඒකෙන් එදාත් මාලිමාව වටේට එකතු උන ගොඩ දෙනෙක් වෙන්වුනා.
අතුල සිරි සමරකෝන්ලා ඇතුළු ආචාර්ය මහාචාර්ය ගොඩක් මාලිමාව දාලා ගියා.මේ පාරත් අනුර ඒකම කළා.හැබැයි මේ පාර කඩා වැටීම පටන් ගන්න පොඩි කාලයක් ගියා.දැන් කඩා වැටීම පටන් අරන්.දැන් මාලිමා රැල්ල කෝ.ඒ කඩා වැටීම රටේ රාළලාට තරම් ඉක්මනට කාටවත් දැනෙන්නේ නෑ.මොකද ජවිපෙ ඇතුලෙත් රටේ රාළ බළකාය ක්රියාත්මකයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 4 people and text that says 'PEOP PEOP কা। NT'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *