රනිල් ජනධිපතිවරණයට එනවාමයි කිවුවා – හිටපු ඇමති බැසිල් රාජපක්ෂ

තමන් අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා තමන් සමග පැවසුවේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකින් පසු ඒ මහතා මේ බව පවසා තිබේ.

ඒ අනුව ඉදිරි දිනකදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව කැඳවා ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දුවක් ගෙන ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමග ජනාධිපති නිල නිවසේ මැති ඇමති පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *