මෛත්‍රී කියූ මහ මොළ කරු ශ්‍රී ලංකික පුරවැසියෙක් නොවේ – ඇමති ටිරාන් අලස්
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කට උත්තරයේ කිසිදු ශ්‍රී ලංකික පුරවැසියකුගේ නමක් සඳහන්ව නැති බව ටිරාන් අලස් ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු කවුදැයි තමා දන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතා කැඳවා ප්‍රකාශයක් ලබා ගත්තේ ය.
ටිරාන් අලස් ඇමතිවරයා අද ප්‍රකශ කළේ කිසිදු ශ්‍රී ලංකික පුරවැසියකුගේ නමක් එම කට උත්තරයේ සඳහන් නැති බව යි.
