උද්ධමනය බිංදුවෙන් පහළට

වසර විස්සකට පසු ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය බිංදුවෙන් පහළ අගයක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි . දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවට අනුව ජුලි මාසයේ උද්ධමනය ඍන දශම දෙකකි . පසුගිය වසර අග වනවිට සියයට නවයක පමණ තිබූ උද්ධමනය මැයි මාසය වනවිට සියයට දශම දෙක දක්වා පහත බැස තිබිණි . ජුනි මාසයේදී එය දශම එක දක්වා තවදුරටත් පහළ ගියේය . ජුලි මාසයේ පෙන්නුම් කරනුයේ එම පහළ බැසීම තවදුරටත් පවතින බවයි.

උද්ධමන අනුපාතය බිංදුවෙන් පහළට යාම කලාතුරකින් සිදුවන්නක් බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි . ඔවුන් කියන්නේ සේවක වැටුප් නිරන්තරයෙන් ඉහළ යන නිසා බඩු මිල ඉහළ යාමත් එමගින් සිදුවන උද්ධමනයත් වැළක්විය නොහැකි බවයි .

ශ්‍රී ලංකාවේ උද්ධමනය බිංදුවෙන් පහළ අගයක් ගෙන ඇත්තේ කාලගුණික හේතු නිසා ලෝකයේම කෘෂි නිෂ්පාදන මිල ඉහළ යාමක් පෙන්නුම් කරද්දී වීම විශේෂත්වයක් බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *