සිංහල,දෙමල අලුත් අවුරුද්දෙන් පස්සේ වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා දේශපාලන පිටිය ආයෙත් වේගයෙන් රත්වෙන්න පටන් ගනී.ඒකට ජනාධිපතිවරණ සටනේ උණුසුම වගේම දේශපාලන පක්ෂ අභයන්තරයේ නිර්මාණය වෙලා තියන අලකලංචිත් බලපානවා.පක්ෂ විදිහට හිතුවොත් පොහොට්ටුව සහ ශ්‍රිලනිප එහෙම ලොකු අර්බුද මැදින් තමයි දැන් ගමන් කරමින් තියෙන්නේ.
පොහොට්ටුව අභයන්තරයේ රාජපක්ෂලාට එරෙහි සටනක් තියනවා.ඒක පිටිපස්සේ ඉන්නේ රනිල් උනාට රනිල් ඉස්සරහට දාලා තියෙන්නේ ප්‍රසන්නව.දැන් රාජපක්ෂලා සහ ප්‍රසන්නලා අතර පොහොට්ටුව ඇතුලේ සීතල යුද්ධයක් තියනවා.මෙතනදී ප්‍රසන්න ගේම ගහන්නේ මොළෙන්.ඒකට ප්රතිවිරුද්ධව attack කරන්නේ නාමල්.නාමල් ගේම ගහන්නේ හැඟීම්වලින්.
මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ නාමල් හැඟීම්වලට ප්‍රසන්නගේ සටන දිය කරන්න බැරි එකයි. ප්‍රසන්නටත් තව කොච්චර කාලයක් ඔතන ඔහොම අල්ලගෙන ඉන්න පුළුවන්ද කියලා කියන්න බෑ. කොහොමත් තව ටික කාලයක් ප්‍රසන්නලට ඔහොම යන්න වෙනවා. ශ්රීලනිපය ඇතුලේ තියෙන්නේ ඊට වැඩිය නරකම තත්වයක්.ශ්රීලනිපය ඇතුලේ දැන් පැහැදිලිවම ඉර ඇදිලා ඉවරයි.ශ්රීලනිපය මෛත්‍රී පාර්ශවය සහ චන්ද්‍රිකා පාර්ශවය කියලා දෙකට බෙදිලා.
ඒ වගේම මේ පාර්ශව දෙකම දැන ලොකු සටනක ඉන්නේ.දුමින්ද, ලසන්ත,වීර කුමාරලා මෛත්‍රී පාර්ශවයට එරෙහිව අවි අමෝරාගෙන ඉන්නේ.මෛත්‍රී දුෂ්මන්ත මුලට තියලා මාරු වෙලා. මේ සටනින් දිනන්නේ කවුද කියන ඒක තීරණය වෙන්න ඉදිරියේදී ලැබෙන අධිකරණ තීන්දුත් බලපානවා.ඒ වගේම මැතිවරණ කොමිෂමේ තීරණත් ඒකට බලපායි.සජබය ගත්තත් එතනත් දැවැන්ත අර්බුදයක් තියනවා.සජිත් ප්‍රශ්න තුනකට මැදිවෙලා.
ඒක පැත්තකින් පක්ෂ කේඩරය කෙලින්ම සජිත් එක්ක නිර්මාණය කරගෙන තියන අවුල.ඒකත් දවසින් දවස උඩුදුවමින් තියනවා.දැන් පැහැදිලිවම සජිත් විරෝධී කණ්ඩායමක් සජබය ඇතුලේ ඉන්නවා.සජබයට සහ සජිත්ට තවත් පාර්ශව දෙකකින් ප්‍රහාරය එල්ල වෙමින් තියනවා.මේ දවස්වල අනුර සහ සජිත් අතර තියන්න යෝජිත විවාදය ගැන කෙරෙන විවාදය නැගලම යන මාතෘකාවක්. ඊළඟට සජිත් රනිල්ගේ සහ එජැපයේ ප්රහාරයටත් නිරන්තරයෙන්ම ගොදුරු වෙනවා.
මේ ප්‍රශ්න තුන හෙට දවසේ වේගයෙන් උඩට එනවා.ඒක නිසා ඉදිරි මාස තුන ඇතුලේ සජිත්ට ඉතා දුෂ්කර සීමාවක ඉඳන් සටන් කරන්න වෙන එක නවත්තන්න බෑ. මාලිමාවෙත් ජවිපෙ සහ මාලිමා කණ්ඩායම් දෙක අතර මත ගැටුම වර්ධනය වෙලා.ජවිපෙට තිබුණ ඓයිතිහාසික අනන්‍යතාවය පැත්තකින් තියලා හරිනිලාගේ නව ලිබරල් වැඩපිලිවෙල කරේ තියාගෙන යන එක ගැන ජවිපෙ සාමාජිකයන් අතර ලොකු කලකිරීමක් තියනවා.
මේ ප්රශ්නය හින්දා ජවිපෙ දිස්ත්‍රික් කමිටුවල හිටපු අය අයින් වෙලත් තියනවා.මේ ගැටුම හින්දා තමයි පහුගිය දවසක ටිල්වින්ට කියන්න උනේ මාලිමාව සහ ජවිපෙ කියන්නේ එකක් කියලා.ටිල්වින් කොච්චර,කොහොම කිව්වත් ජවිපෙ සහ මාලිමාව කියන්නේ දෙකක් බව දැන් ජවිපෙ සාමාජිකයා දන්නවා.මාලිමාව ඇතුලේ ජවිපෙ දිය කරන බව ජවිපෙ සාමාජිකයාට තේරෙනවා.මේ ගැටුම හින්දා අද මාලිමාවට තමන්ගේ වැඩපිලිවෙලක් ඉරිපත් කරගන්න බෑ.
දැන් එයාලට පිලිගන්න වෙලා තියනවා එයාලා ලග තියෙන්නේ 2019 දී හදපු වැඩපිලිවෙලක් කියලා. ඇත්තටම ඒක ගැලපෙන්නේ 2019 ටත් නෙවෙයි 1917 ට.කොහොම උනත් ජවිපෙ ඇතුලේ අර්බුදයක් තියන බව දැන් ස්ථිරයි.හැබැයි ඒක එක පාරට එලියට පනින්නේ නැත්තේ මාලිමාවේ සමාජිකයන්නට අනුර දිනනවා කියන ලොකු ලණුව ගිල්ලලා තියන හින්දයි.බොරු සමීක්ෂණ වාර්තා පෙන්නමින් ජවිපෙ සාමාජිකයා මංමුලා කරලා.
අර ගෝඨාභය උස්සගෙන ඒ දවස්වල කඩේ ගිය සුදාගේ සමීක්ෂණවලින් තමයි ජවිපෙ මේ දවස්වල ගොඩයන්නේ.ඇත්තටම ජවිපෙ ඉන්නේ ගිරා පෝතකයෝ බව සුදාගේ සමීක්ෂණවලට දාන කමෙන්ට්ස්වලින් තේරෙනවා. මොලයක් තියනවා නං සුදාගේ සමීක්ෂණවලට ජවිපෙ සාමාජිකයා බය වෙන්න ඕනි.ඔයාලා හොදට බලන්න සුදාගේ සමීක්ෂණවල වෙනත් කියන කැටගරියට ගොඩක් පිරිසක් අයිති වෙනවා.
එකක අනුර 73 යි,සජිත් 39 යි,රනිල් 09 යි,නාමල් 3 යි වගේ තිබුණා.ඒකේ වෙනත් එකේ 59 ක් හිටියා. දැන් සුදාගේ සමීක්ෂණ වාර්තාවල වෙනත් කෑල්ල දාන්නේ නෑ.ඒ සමික්ෂණයට අනුවම බැලුවොත් තේරෙනවා තවමත් අපේ රටේ විශාල පිරිසක් ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා නෑ කියලා.ඇත්තටම දැන් ඒ තියන ඉඩ අල්ලන්න අනුරට බෑ.දැන් අනුරට එකතුවීම් වෙලා ඉවරයි.
දැන් අනුරගෙන් වෙන්නේ අඩුවීම්. අනුරලාට තවමත් වැඩපිලිවෙලක් නැති බව දැනගත්ත ගමන් මාලිමාව ගොඩක් පස්සට ගියා. අනුරලාට,ටිල්වින්ලාට,ලාල් කාන්තලාට මේක හැමදාම බොරුවෙන් ගෙනියන්න බෑ.දැන් ලාංකීය දේශපාලන භූමිය වේගයෙන් ආක්‍රමණය කරමින් ඉන්නේ රනිල්.රනිල් සම්බන්ධව ජනවාරි මාසේ තිබුණ සාකච්ජාවට වඩා වෙනස් සාකච්චාවක් දැන් සමාජය ඇතුලේ තියනවා තියනවා.
මේ පාර සිංහල,දෙමල අලුත් අවුරුද්ද අපේ රටේ මිනිස්සු සමරනවා.කොරෝනාවලින් පස්සේ සහ රාජපක්ෂලා රට බංකොලොත් කළාට පස්සේ අපේ රට ජනතාව සමරන අවුරුද්ද මේක.එදා රටේ හැම වර්ගයකම පෝලිම් හැදුනා. හැම පෝලිමකම මිනිස්සු මැරිලා වැටුණා.එහෙම රටක මිනිස්සුන්ට මේ මට්ටමෙන් හරි අවුරුදු කන්න අවස්ථාව හදලා දුන්නේ රනිල්. අවුරුද්ද ආවම මිනිස්සු ගිය අවුරුදුත් එක්ක මේ අවුරුද්ද සන්සන්දනය කරනවා.
ඊට සාපේක්ෂව තමයි මිනිස්සු මේ අවුරුද්ද දිහා බලන්නේ.එතෙන්දී මිනිස්සුට රනිල් රටට කරපු මැදිහත්වීම මතක් වෙනවා.ඒකයි රටේ රාළ කියන්නේ අවුරුද්දෙන් පස්සේ රනිල් ගොඩක් දුරට දේශපාලන දාම් පෙත වෙනස් කරයි කියලා.ඒ වෙනස රාජපක්ෂලාටත් දැනෙනවා.දැන් වෙන විදිහකට රාජපක්ෂලා රනිල්ගේ ඇඟේ එල්ලෙන්න හදන්නේ.රනල් රාජපක්ෂලා කරේ දාගන්න මෝඩ වෙයිද කියන ප්රශ්නය මෙතන තියනවා.ඇත්තටම රාජපක්ෂලාට තියන ජනතා විරෝධය නැතිවෙලා නෑ.යටගිහින් තියනවා.
රනිල් ජනතාවට සහන පැකේජයක් දෙනවා කියලා රටේ රාළ කිව්වේ ගිය ජනවාරිවල.රනිල් මැයි මාසයෙන් පස්සේ දේශපාලන පිටිය ආක්‍රමණය කරනවා.පොහොට්ටුව, ශ්‍රිලනිපය,සජබය සහ මාලිමාවටත් ඒ ආක්‍රමණයෙන් බලපෑම් වෙනවා. දැන් මෙතන ආක්රමණිකයා වෙලා ඉන්නේ රනිල්.හැබැයි රනිල් මේකත් මතක තියාගෙන සටනට බැස්සොත් හොඳයි.සටනකදී අති දක්ෂ සෙන්පතියෙක් උනත් පරිදින්න පොඩි හරි සම්භාවිතාවයක් තියනවා.ඒවා ගැන පස්සේ කතා කරමු.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.