රට රැකියාවලට යෑම පසුගිය වසරේ සියයට 4.2 කින් අඩු වෙලා – විදේශ සේවා වාර්තාවලින් හෙළිවෙයි.

විදේශ රැකියා සඳහා සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 2022 දී පැවති 310,955 සිට 2023 දී 297,664 දක්වා සියයට 4.2 කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත මගින් පෙන්නුම් කරයි

2019 වන විට විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් 203,087 වැනි පහත මට්ටමක පැවතිනි.

2022 දී නිල සේවක සංක්‍රමණය 300,000 ට වඩා ඉහළ ගියේ දිවයිනේ  ඉතිහාසයේ දරුණුතම මුදල් අර්බුදය සමඟිනි.

ශ්‍රී ලංකාව අවසන් වරට කම්කරුවන් 300,703ක් සංක්‍රමණය වී ඇත්තේ 2014 වසරේ දී ය.

කෙසේ වෙතත්, දිවයිනට විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය  2023 වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 5,969 සිට 2024 අවසානය වන විට ඩොලර් මිලියන 7,000 දක්වා සියයට 17 කින් ඉහළ නැංවීමට ඉලක්ක කර ඇති බව විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ ප්‍රචාරක කළමනාකරු මංජුල කුලරත්න ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *