ජනවාරි 8 ව්‍යාපාරය හැදුවේ මහින්ද රාජපක්ෂ එලවන්න විතරක් නෙවෙයි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
යහපාලන රජයට අවුරුදු දෙකක් සම්පූර්ණයි. දැන් ගෙවෙන්නෙ තෙවන වසර. ගෙවීගිය දෙවසර ගැන ආපසු හැරීමේ බැලීමේදී සෑහීමකට පත්වෙන්න පුලූවන්ද?
සාමාන්‍යයෙන් අපි හිතන්න පුරුදුවෙලා තියෙන මට්ටමෙන් බැලූවොත් සෑහීමකට පත්වෙන්න බෑ. ආණ්ඩුවකින් රටේ ජනතාව යම් දේවල් අපේක්ෂා කරනව. ජනවාරි 8 වෙනිදා ව්‍යාපාරය තුළ ජයග්‍රහණයට පදනම් වශයෙන් විශාල බලාපොරොත්තු, අපේක්ෂාවන් රාශියක් ගොඩනැගුණා . එකපැත්තකින් එවැනි බලාපොරොත්තු විශාල වශයෙන් ගොඩනැගුන පසුබිමක කෙනෙක් තර්ක කරන්න පුලූවන් ඒ බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවීම, බලාපොරොත්තු ඉටු නොකරන ලද දෙයක් හැටියට. මොකද සියල්ලම පැතූ ආකාරයටම ඉෂ්ට වෙන්නෙ නෑ කියල. නමුත් එතැනින් එහාට ගිය ප්‍රශ්නයක් තියෙනව. ජයග්‍රහණ හෝ ලබාගත්ත දේ සම්බන්ධයෙන්. ඒකට හේතුව ජනවාරි 8 ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ රෙජීමය බලයෙන් එළවීම පමණක් මුල්කරගෙන ගොඩනගනලද එකක් නෙමෙයි. එක අතකින් ඔවුන්ගේ රෙජීමය පෙනී සිටපු ඒ ප්‍රතිපත්තිවලට එරෙහිව ගොඩනගන ලද ව්‍යාපාරයක්. ඒ නිසා ඊට වඩා යහපත් ප්‍රතිපත්ති මේ රජයෙන් ගොඩනගයි කියල ජනතාව අපේක්ෂා කෙරුව.
ජනතාව බලාපොරොත්තු සුන්කරගෙන තිබෙන්නෙ ප්‍රතිපත්තිමය කාරණා ගැනද? එහෙමත් නැත්නම් ¥ෂිතයන්ට දඬුවම් නොදීම වගේ පොරොන්දු ඉටු නොකිරීම් ගැනද?
ජනවාරි 8 ව්‍යාපාරයේ ප්‍රධාන පොරොන්දුවක් වූ, රාජපක්ෂ රෙජීමය කාලයේ දී සිදු වූ ¥ෂණ, වංචා, හොරමැරකම්, අපරාධ ආදී මේ සියල්ල පිළිබඳ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනල්ලා සාධාරණ විභාග පවත්වල ඔවුන්ට දඬුවම් දෙයි කියන බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබුණ. ජනතාවගේ දැන් හැ`ගීම, ඒ බලාපොරොත්තුව කිසිසේත්ම ඉෂ්ට වෙලා නැහැ කියලයි. ආණ්ඩුව පැත්තෙන් කියයි නඩු පවරල තියෙනව කියල. ඒත් ජනතාවගෙ පැත්තෙන් කියන්නෙ ඒ වැරදි කරල තියෙන කිසිවෙකුටත් මේ දක්වා දඬුවම් දුන්නෙ නෑ කියලයි.
ප්‍රතිපත්තිමය කාරණා ගැනත් ජනතාව හිතනව. ජනතාව ඒ පිළිබඳව සංවේදියි. රාජපක්ෂ රෙජීමය පෙරලාදැමීමේ දී ඔවුන්ගේ වැරදි ප්‍රතිපත්ති වෙනස් කරන බව ප්‍රකාශ කළත්, එසේ වෙනස් කිරීමක් සිදුවෙලා තියෙනවද කියල ජනතාව හිතනව. ඒ පැත්තෙන් ගත්තොත් පේන්න තියෙන්නේ මේ රජය රාජපක්ෂ ප්‍රතිපත්ති දිගටම කරගෙන යන බවයි.
රාජපක්ෂ පාලනය අනුගමනය කළ නිව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති වත්මන් යහ පාලන රජය ප්‍රතික්ෂේප කර නැත්ද?
නෑ. මේ රජය ඊටත් වඩා ප්රබලව, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙ මහෙයවීම යටතේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනව. ඒ පිළිබඳව ජනතාවට බරපතල ප්‍රශ්න තියෙනව. ෆෝට් සිටි ය ගත්තොත්, අත්සන් කළ ගිවිසුම් වෙනස් කළ නොහැකි නිසා දිගටම පවත්වාගෙන යනවා කියල ආණ්ඩුව කියන මතයේ කිසියම් සත්‍යයක් තියෙන්න පුලූවන්. ෆෝට් සිටි ය රජයන් දෙකක් අතර ඇති වූ ගිවිසුමක් නිසා දිගටම ක්‍රියාත්මක කරන්න සිදු වුනත්, වත්මන් රජය විසින් බරපතල ලෙස සලකා බැලිය යුතුව තියෙනව, කොළඹ නගරයට යාබදව නව ක්‍රියාකාරකම් සහිත විශාල නගරයක් ඉදිකිරීම කොළඹ නගරයට කොයිතරම් දරාගන්න පුලූවන්ද කියන එක. මේ නගරය ඉදිකිරීම නිසා ඇතිවන පරිසර හානිය පිළිබඳව පරිසරවේදීන්ගේ කනස්සල්ලට හේතුවෙලා තියෙන කරුණු පිළිබඳව මේ රජය සැලකිල්ලක් දැක්වුවද කියන එක පිළිබඳවත් පැහැදිලි නැහැ. ඒ වගේම මෙයින් මුහුදු කෑමට ලක්වීම හා ධීවරයන්ගේ කර්මාන්තයට කොතරම් හානිවෙනවද කියන එක පිළිබඳව කොයිතරම් දුරට සංවේදි ද කියන එක පිළිබඳව පැහැදිලි නෑ.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නම්, ගිවිසුම් නිසා කරනව කියන කාරණය කියන්න බැහැ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මේ අය අලූතෙන්ම ව්‍යාපෘති සම්පාදනය කරල, අලූතෙන්ම ඒ කටයුතු කරන්න මහා පරිමාණයෙන් චීනයට ණය වෙලා තියෙනව. කලින් ණය ගෙවාගන්න කියල තමයි මෙය කරන්නෙ. නමුත් ඒකෙන් පැහැදිලි කමක් නෑ මේ ණය කොයි ආකාරයට පියවනවද කියල. යනාදි වශයෙන් බරපතල ගැටලූ තියෙනව හම්බන්තොට ව්‍යාපෘතිය ගැන.
එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ආණ්ඩුවක් කිරීම පිළිබඳව ජනතාව සිහිනයකින්වත් හිතන්න නැතිව ඇති. නමුත් යහපාලන රජය තුළ එවන් තත්ත්වයක් නිර්මාණය වුණා. එයින් නිසි ප්‍රයෝජන ගන්නා බවක් පේනවද? එම කණ්ඩායම් දෙක එක්ව අවබෝධයකින්, සහයෝගයකින් කටයුතු කරනවද?
ජනාධිපතිවරයාගේ භූමිකාව සහ අගමැතිවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් කිසියම් අවුල් සහගත තත්ත්වයක් තියෙනව. ඒක හොඳටම පැහැදිලිව පේනවා හම්බන්තොට වරාය පිළිබඳව චීනය සමග ගිවිසුම අත්සන් කිරීමේ සිද්ධියේ දී ජනාධිපතිවරයා සහ ඔහුගේ පාර්ශ්වය කි‍්‍රයාකරන විදිහ හා අගමැතිවරයා සහ ඔහුගේ පාර්ශ්වය ක්‍රියාකරන විදිහ බැලූවම. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුවේ ප්‍රධානම වැඩ පිළිවෙල වශයෙන් ඔවුන් මහත් ආඩම්බරයෙන් කතා කරන, මේ තරම් වැදගත් කටයුත්තකට ජනාධිපතිවරයා සහභාගි වුනේ නැහැ. මම ඒ සම්බන්ධයෙන් දැක්කා ජනාධිපති පිලේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෙකු ඉදිරිපත් කරනව අදහසක් ‘ඔවුන්ට ආරාධනා කරල තිබුණෙ නෑ’, ‘අපි යන්න හිටියේ නෑ’ යනාදී වශයෙන්. ඒකෙන් පේන්නෙ ඔවුන්ට පැහැදිලි අදහසක් නෑ මේ පිළිබඳව ප්‍රකාශ කරන්න.
ඊට දින කිහිපයකට පෙර කුලියාපිටියේ මෝටර්රථ එකලාස කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමට ජනාධිපතිවරයා ගියා ඔහු විසින්ම දිනයක් නියම කරල තිබුණ සංහිඳියා බලකායේ වාර්තාව පිළිගැනීමේ උත්සවයටත් නොසිට. ඒකෙන් අපිට පේනවා ජනාධිපතිවරයා කිසියම් හේතුවක් නිසා, රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ හම්බන්තොට ආර්ථික වැඩපිළිවෙල ආරම්භක අවස්ථාවට ගියේ නැහැ කියල. ඒ විතරක් නෙමෙයි ශාන්ත පේමරත්න තරුණ මන්ත්‍රීවරයා කියනවා, මහින්ද රාජපක්ෂ රජය කාලයේ එවැනි ව්‍යාපෘති කරනකොට විවේචනය කළ කණ්ඩායම්ම තමයි දැන් ඒවා කැමැත්තෙන් බාර අරගෙන තමන්ගේ වැඩ පිළිවෙලක් වගේ ක්‍රියාත්මක කරනන යන්්නෙ කියල. ජනාධිපතිවරයාගේ භූමිකාව මේ ආණ්ඩුවතුළ කිසියම් අවුලකට පත්වෙලා තියෙනව කියල අපිට පේනව. දේශපාලන වශයෙන් සංවේදි ජනතාවට මේව බරපතල ප්‍රශ්න.
මේ රජය බලයට පත්වෙන්න පෙර පැවසුවේ, ආණ්ඩුව කරන කටයුතු ගැන ජනතාව සමග බද්ධව, පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කරනව කියලයි. ඔවුන් ලිච්ඡුවී රජදරුවන්ගේ පාලනය උදාහරණයකට පවා ගත්ත. සාමුහිකව රැුස්වීම, සාමුහිකව කතාබස් කිරීම, සාමුහික තීන්දු ගැනීම ආදී වශයෙන්. එය අද සිදුවෙනවද?
මේ රජයත් රාජපක්ෂ රජය වගේම ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාරදෘෂ්‍යභාවයකින් කටයුතු කරන්නෙ නෑ. ඒ කරුණුවලට අමතරව තව බරපතල කාරණයක් තියෙනව. ඒ තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන්න යන වැඩපිළිවෙල සමග ජනතාව සමග කිසිම කතාබහක්, ගනුදෙනුවක් නැතිකම. ඔහුගේ පාර්ශ්වයෙන් විශේෂයෙන්ම එය පැහැදිලි වෙනව. තිසරණී ගුණසේකර සන්ඬේ අයිලන්ඞ් පුවත්පතට ඉතා වැදගත් ලිපියක් ලියල තිබුණ. ඇය මේ ප්රශ්නය බරපතල විදිහට මතුකරල තිබුණ. මේ ආණ්ඩුව තමන් බලයට පත්කරපු ජනතාව සමග කතාකරන්නෙ නැති ආණ්ඩුවක්. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයෙන් මේ පිළිබඳව යම් යම් ඉ`ගි පළකෙරිල තියෙනව. ජනතාවට කතා කරන්න ටෙලිෆෝන් ලයින් එකක් දීල තියෙනව. නමුත් මේ පිළිබඳ ප්රතිපෝෂණයක්, ජනතාවගේ අදහස් පිළිඅරගෙන කොයිතරම් දුරට ඒවා බැ?රුම්ව ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක පිළිබඳව පැහැදිලි යමක් පේනේනෙ නැහැ.
ඔබ කියන්නෙ ආණ්ඩුවෙ වැඩකටයුතු, ආණ්ඩුව යන දිශානතිය ගැන ජනතාවට පණිවිඩයක් යන්නෙ නෑ කියලද?
ආණ්ඩුව පත්වෙලා වසර දෙකක් වෙනව. තව වසර තුනක් පමණයි තියෙන්නේ. මේ වෙනකොට ආණ්ඩුවට පුලූවන්වෙලා තියෙන්න ඕන තමන් යන ගමන ගැන පැහැදිලි අවබෝධයක් ජනතාවට දෙන්න. ඒකට මේ ආණ්ඩුව සමත්වෙලා නැහැ. ජනතාව තුළ තියෙන්නෙ බලවත් කලකිරීමක්.
ජනාධිපතිවරයාට යම් වෙනසක් කරන්න අවශ්‍ය වුවත් මේ ක්‍රමය තුළ, මේ සිස්ටම් එක තුළ එය කරන්න බැහැ කියල තමයි දැන් කියන්නෙ. වත්මන් ජනාධිපතිවරයා නෙමෙයි වෙනත් කෙනෙක් බලයට ආවත්, ජ.වි.පෙ. බලයට ආවත් මේ ක්‍රමය තුළ මේකමයි කරන්න වෙන්නෙ කියලයි කියන්නෙ. එහෙම නම් මේ ක්‍රමය වෙනස්කරගතයුතු වෙනව. මේ ක්‍රමය වෙනස් කරගන්න තියෙන වැඩපිළිවෙල කුමක්ද?
ප්‍රශ්න නොවිසඳීමේ ගැටළුව ‘ක්‍රමය’ ට පවරනවා නම්, ‘ක්‍රමය’ නම් මේකෙ ගැටළුව, ඒ ගැන හොයන්න ඕන. මේකට තියෙන විසඳුම මොකක්ද කියන එක ගැන බලන්න ඕන. මේ ක්‍රමය කියල අදහස් කරන්නෙ මොකක්ද කියන එකත් පැහැදිලි නෑ. ‘ක්‍රමය’ කියන්නෙ දේශපාලන පක්ෂ ක්‍රමය නැතිවෙලා, අලූතෙන් ප්‍රභූ දේශපාලන පැලැන්තියක් බිහිවෙලා, ඒ අයට ගෝලීය හා දේශීය මූල්‍ය ප්රාග්ධනයේ ඇනවුම් පරිදි කි‍්‍රයාත්මක වෙන්න සිදුවෙලා තිබීමද?
ක්‍රමයට, සිස්ටම් එකට මේකෙ වගකීම පවරන එක ප්‍රශ්න විසඳීමක් ද?.
අපි හිතල බලමු දේශපාලනය පැත්තෙන්, ජනවාරි 8 ව්‍යාපාරය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනවත්, අගමැති රනිල් වික්රමසිංහවත් ඔය අදහස ජනතාවට කිව්වෙ නෑ. මේ අය බොහොම අත්දැකීම් තියෙන දේශපාලඥයො වශයෙන් මේ බව දැනගෙන ජනතාවට බොරු පොරොන්දු දුන්නද කියන ප්රශ්නය ගැන අපිට හිතන්න වෙනව. ඇත්තටම මේ අත්දැකීමත් එක්ක ලංකාවෙ ජනතාව, ‘මින් ඉදිරියට කිසිම දේශපාලඥයෙක් විශ්වාස කරන්න බැහැ’ කියන මතයට ජනතාව එමින් තියෙනව. විශේෂයෙන්ම තරුණ පරපුර. ඒක ඉතාමත් බරපතල කාරණයක්.
අපිට තියෙන ප්රජාතන්ත්රවාදය ධනේශ්වර ප්රජාතන්ත්රවාදය වුණත්, මේකෙ සියලූම සීමාවන් තිබියදීත්, කිසියම් ස්ථාවරභාවයක් ඇතිව රට පාලනය කරගෙන ඉස්සරහට යන්න අවශ්‍ය මූලික කොන්දේසිය තමයි මේ ප්රජාතන්ත්රවාදය. මේ අය ඒකට ගරු කරන්නෙ නෑ. මේක තවදුරටත් දේශපාලන පක්ෂවලට බෙදිලා ඒ අනුව කටයුතු කරන ආණ්ඩුකිරීමක් නෙමෙයි දැන් මේ තියෙන්නෙ. දැන් තියෙන්නෙ, පක්ෂ එකතුවෙලා කරන්නෙ දේශපාලන පන්ති උවමනාවක්. දැන් හිතන්න තියෙන්නෙ මේ අය කරන්න තියෙන දේ හිතේ තියාගෙන ජනතාවට බොරු පොරොන්දු දුන්නා කියන එකයි. මේකෙ වගකීම ක්‍රමයට පවරල මේකෙන් නිදොස් වෙන්න බෑ. මේකෙන් අපේ රටේ දේශපාලනය කඩාවැටෙන්න ඉඩ තියෙනව. ජනතා දිනා දුන්න බලය අනුව වැඩ නොකර ‘ක්‍රමය’ට මේගොල්ල වගකීම පවරන්න සූදානම් නම්, අපි ඇසිය යුතුයි, ඉස්සරහට මේ තත්ත්වය වෙනස් කරන්න මොනවද ආණ්ඩුව පැත්තෙන් යෝජනා කරල තියෙන්නෙ කියල.
ආණ්ඩුවෙන් මොනවත් කෙරෙන්නෙ නෑ කියල කිව්වත්, අගමැති තුමා නිතරම කියන්නෙ රක්ෂා ලක්ෂ ගණනින් ගෙන එනවා කියන කතාවත්, රට ආර්ථික වශයෙන් සීඝ්‍ර දියුණුවක් කරා ගෙන යන බවත් නේද?
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හීනයක් තියෙනව, ඔහු නිතර නිතර තියෙනව කොයි ආණ්ඩුව බලයට ආවත්, වෙනස් නොවන ආර්ථික පිළිවෙතක් හඳුන්වාදීම තුළින් ලංකාව සංවර්ධනය කළ හැකියි කියල. ඔහු පැහැදිලිවම කියල තියෙනව, වෙළඳපොල මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීම ගැනයි ඔහුගෙ විශ්වාසය කියල.
මේ වෙළඳ පොල ආර්ථිකය තුළින් ආර්ථික වශයෙන් රටට දියුණවක් අත්කර දියහැකිද?
අපේ සමාජය නිදහසෙන් පස්සෙ සකස් වෙලා තියෙන්නෙ රාජ්‍ය බද්ධ ආර්ථිකයක් පදනම් කරගෙන. එකෙ ආඩුපාඩු තියෙනව. ගැටළු තියෙනව. නමුත් ඒ සියල්ල තිබියදීත් ලංකාවෙ ජනතාව දිගින් දිගටම මේ වෙනුවෙන් පෙනී සිටල තියෙනව. එවැනි තත්ත්වයක ඊට වෙනස්ව ලංකාව හුදෙක් තනිකරම වෙළඳපොල පදනම් වූ ආර්ථිකයකින් ගෙනියන්න පුලූවන්ද කියන ගැටළුව තවමත් ලංකාවේ ජනතාව පැත්තෙන් ගත්තම නොවිසඳී තිබෙන තත්ත්වයක්. ඒක විසඳගන්නේ නැතුව තම මතයේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මහත්තය ජනතාවට පාරදෘෂ්‍ය භාවයෙන් තොරව කටයුතු කරනව. මේකෙ පල විපාක අනුව අනාගතයේ දී ලංකාවේ දේශපානල ඵල විපාක මොනව වෙයිද කියන්න බෑ. මේ තත්ත්වය පැවතුනහොත් කිසියම් අවස්ථාවක ජනතාව සිංහල ජාතිවාදී බලවේග නියෝජනය කරන රාජපක්ෂ රෙජීමය පැත්තට ජනතාව හැරීමේ බරපතල අවදානමක් තියෙනව.
රාජපක්ෂ රෙජිමය පිළිබඳව ජනතාව තුළ ඇති වූ දැඩි වෛරය, ප්‍රකෝපය, කළකිරීම පසුගිය මැතිවරණ දෙකෙන්ම සනාථ වුණා. ඉන් පසු බලයට ආ රජයත් ‘මේ සිස්ටම් එක තුළ, කවුරු ආවත් මේක වෙනස් කරන්න බෑ’ කියල කියනව නම්, මේ තත්ත්වය තුළ ප්රජාතන්ත්රීව ආණ්ඩුබලයක් ගැන තියෙන විශ්වාසය අත ඇරල ජනතා විප්ලවයක් තුළින් ජනතා ආණ්ඩුවක් පත්කර ගැනීම දෙසට ජනතාව තල්ලූවෙලා යයි ද? යළිත් 71, 89 වැනි කැරැුල්ලක් ගැන ජනතාවට හිතන්න වෙයිද?
ගෝලීය වශයෙන් ගත්තත්, ඇමරිකාවේ ට්‍රම්ප්ගෙ ජයග්රහණයෙන් පස්සෙ ඇති වී ගෙන යන අදහස තමයි, ගොලීය වශයෙනුත්, දේශපාලන වශයෙනුත් කතිපයාධිකාරියක් ඇති වීම. දේශපාලන පංතියක් ඇති වීම. ගතානුගතික, ප්රගතිශීලි, වාමංශික වශයෙන් පංතිමය බෙදීමක් නෑ කියන එක දේශපාලන විචාරකයන් තර්ක කරනව. ඒ වෙනුවට තියෙන්නෙ ඔවුන්ගේ අතිනුත් බලය ගිලිහිච්ච පාලනයක්. මේකෙ අධිපතිත්වය දරන්නේ ගෝලීය හා ඒ ඒ රටවල දේශීය වශයෙන් මූල්‍ය ප්රාග්ධනය හිමි පන්තිය. මේ ක්‍රමය අනුව ධනවාදි ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව වාමංශික ව්‍යාපාරයේ තිබුණු බලාපොරොත්තු බරපතල අභියෝගයකට මුහුණ දී තියෙනව. ලෝක තත්ත්වය ගත්තත්, ලංකාවෙ ගත්තත් තත්ත්වය එකයි.
ශ්‍රී ලංකා යූ.එන්.පී. දෙක එකතුවෙලා තමයි වත්මන් ආණ්ඩුව පිහිටුවල තියෙන්නෙ. සමහරු තර්ක කරනව 1977න් පස්සෙ මේ පක්ෂ දෙකම නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය පිළිගත්ත කියල. ඒක එක්තරා දුරකට පිලිගන්න පුලූවන්. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව, මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුව වශයෙන්. නමුත් කිසිම ආණ්ඩුවකට බැරිවෙලා තියෙනව රාජ්‍ය අංශය සම්පූර්ණ වශයෙන් පෞද්ගලික අංශයකට පවරන්න.
රටේ සුභසාධන ක්‍රම. රටෙන් අඩකට පමණ ලබා දෙන සමෘද්ධි සහන වගේ සහනාධාර. අපේ සෞඛ්‍ය ක්‍රමය, අපේ නිදහස් අධ්‍යාපනය මේ සියල්ලම අපේ පැවති සමාජවාදි මූලධර්ම මත පදනම් වෙච්ච සුභසාධන රාජ්‍යයක පැවත එන වැදගත් කරුණු. ඒවා වෙනස් කිරීමේ උත්සාහය තදින්ම දිගටම තියෙනව. දිගින් දිගටම ජනතාවගේ පැත්තෙන් මෙයට විරෝධයක් මතුවෙනව. අවසානයේදී කවුරු සාර්ථක වෙයිද කියන එක ප්‍රශ්නයක්. මේ අරගලය විසඳිලා නෑ කියන එකයි තහවුරු වෙන්නෙ.
මේ තත්ත්වය තුළ ජනතාව, විශේෂයෙන්ම තරුණ පිරිස්, මේ පවත්නා ධනේශ්වර ප්රජාතන්ත්රවාදය තුළ, වඩාත් යහපත් සමාජයක් එක්තරා දුරකට හෝ ඇතිකර ගැනීමේ හැකියාව නැතිව යනව කියන හැ`ගීම ඇතිවුණොත්, මේ තරුණයන් කොහාට ද යොමු වෙන්නෙ?
මේකෙ දෙපැත්තක් තියනව. නැවතත් රජයට එරෙහිව කැරලිකාර තත්ත්වයකට තරුණයන් යොමුවෙන්න පුලූවන් කියන තත්ත්වය. 71 සහ 88 – 89 කැරලිවල අත්දැකීම වර්තමාන පරපුරට තියෙන නිසා, මට හිතෙනව එක්තරා දුරට තරුණයන් ඒ පිළිබඳව ප්‍රවේශම් සහගත වෙයි කියල. මම දකින්ව ඊට වඩා අවධානමක්. අපේ සමාජය ආර්ථික වශයෙන් දියුණු වුණායයි කියන තායිලන්තය, පිලිපීනය වගේ රටවල් වල සිදුවුනා වගේ විශාල වශයෙන් තරුණයන් සමාජයෙන් ඉවත්වෙලා, තමන්ගෙ ඇතුළතට හැරිලා මත්ද්‍රව්‍ය භාවිතය වගේ දේවල් විශාල වශයෙන් සමාජයේ පැතිර යන්න පුලූවන් කියල. ඒ තුළින් තරුණ පරම්පරාව තුළ සමාජ විරෝධී තත්ත්වයක් ගොඩනැගෙන්න පුලූවන්. දැනටමත් ඒ තත්ත්වය එක්තරා දුරකට මේ සමාජයේ තියෙනව. අපේක්ෂා භංගත්වය තුළ ඇතිවන තත්ත්වය ඉතාමත් බරපතලයි.
අපේ තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත් වුණාට පසුව සමාජ විරෝධී ආකල්ප යන්ට පෙළඹීම නිසා සමාජයේ ඉදිරි ගමනට ඔවුන්ගෙන් ලැබියයුතු දායකත්වය නොලැබී යන්න පුලූවන්. මේ තත්ත්ය ආණ්ඩු සලකන්නේ හුදු නෛතික ප්‍රශ්නයක්, නැත්නම් මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්, පුණරුත්තාපනය පිළිබඳ ප්‍රශ්නයක් කියලයි.
මේ තත්ත්වය තුළ පිලිපීනයේ ඇතිවෙලා තියෙනවා මත්පැනට ඇබ්බැහිවූවන් මහපාරේ දී මරාදමන තත්ත්වයන්. තුන්දහාක් පමණ මේ ආකාරයට මරලා තියෙනව. යටත් වෙන්න කියල නිවේදනය කරනව. බාර නොවෙන අය හොයාගෙන ගිහිල්ල මරණව. මෙබඳු ප්‍රශ්නයක් හුදෙක් නෛතික ප්‍රශ්නයක් හැටියට අපිට සලකන්න බෑ. මේක අපි දේශපාලනික වශයෙන් අරගෙන කල්පනා කළයුතු ප්‍රශ්නයක්.
ප්රජාතන්ත්රවාදී සමාජයක, ගොලීයකරණයට විරුද්ධ වෙච්ච තරුණ පරපුරට විශාල බලාපොරොත්තු ඇතිකරල තියෙන අවස්ථාවක තමන්ගේ රටේ ඉරණම අනාගතය තීන්දු කිරීමේ ඇති අවස්ථාව දේශපාලින වශයෙන් ඔවුනට අහිමි කරන කොට ඔවුන්ගෙන් බරපතල ප්‍රශ්න ඇතිවෙන්න පුලූවන්.
මනෝජ් රූපසිංහ.
මෙම සාකච්ඡුාවේ තවත් කොටසක් ඉදිරියේ දී පළ වේ.
