2017 වසරේ රජයේ සේවකයන්ට සහනදායි පියවරවල් රැසක් – ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය
වැටුපත්, වැටුප් වර්ධකයත් වැඩිවේ.
අග්‍රහාර රක්ෂණයෙනුත් වාසි රැුසක්.
උපයන විට ගෙවීමේ දී ආදායම් මට්ටම ඉහලට.
විශ්ව විද්‍යාල සිසුන්ට සහන රැුසක්.
රජයේ සේවකයන්ට ආර්ථික වශයෙන් සහනදායි පියවරවල් රැුසක් මේ වසරේ සිට ක්‍රියාත්මක වෙන්න නියමිතයි. සමහර දේවල් දැනටමත් ක්‍රියාත්මක වී තියෙනව. උදාහරණයක් වශයෙන් රජයේ සේවකයන්ගේ මූලික වැටුප මේ මාසේ සිට (2017 ජනවාරි* 22%කක ට ආසන්න ප්‍රමාණයකින් වැඩිවෙනව. ගිය අවුරුද්දෙද් වැටුප වැඩිවුණා. ඒක වැඩිවෙන්නේ රජයේ සේකයන්ට දුන්න රුපියල් දහදාහේ දීමනාවත්, ඊට කලින් තිබූ 20%ක දීමනාවත් කියන මේ දෙක එකතු කරලා. ඒම මුදල කොටස් වශයෙන් මූලික වැටුපට එකතු කරන්න අපි ආණ්ඩුවත් එක්ක කතා කරල, නීතියක් නිකුත් කරව ගත්තා. එ හදපු නීතියට අනුව තමයි මේ මාසේ දි 22%ක වැටුප් වැඩිවීමක් සිදුවෙන්නෙ. වැටුප් විතරක් නෙමෙයි, රජයේ සේවකයින්ගෙ වැටුප් වර්ධකයත් වැඩි වෙනව. රජයේ සේවකයන්ගෙ වැටුප වැඩි වෙනකොට රාජ්‍ය සංස්ථා බාහෝ තැන්වල වැටුප් වැඩි වෙනව. යම් යම් ප්‍රමාදයන් තියෙනව නම්, අපි ඒවට මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනව.
වැටුප් වැඩිවීම, ඉතාම සාධනීය වැටුප් වැඩිවීමක්. සාමාන්‍යයයෙන් අය වැයක් ළංවෙනකොට වෘත්තීය සමිතිවල සටන් ඇවිලෙනව. වැටුප් වැඩිකරන්න කියල ඉල්ලනව. ගිය අවුරුද්දෙ අවසානයේදී නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට වැටුප් වැඩි කරන්න කියල සටනක් ආවෙ නැහැ. ඒ සටනක් ආවේ නැත්තෙ අපි ජාතික වෘත්තීය සමිති පෙරමුණ විදිහට ආණ්ඩුවත් එක්ක තිබුණු සාකච්ඡුාවලදි, මේ අවුරුද්දෙ ජනවාරි මාසෙදිත් 22%කින් මූලික වැටුප් වැඩිකරගන්න අදාල නීතිය සකස් කරගෙන තිබූ නිසා. ඒ නිසා කවුරුත් වැටුප් වැඩිකරන්න කියල ඉල්ලූවෙ නෑ. හැමෝම දන්නවා මේ වැටුප මේ මාසෙදි වැඩිවීමට නියමිතයි කියල. වැටුප් වැඩිවීමේ ප්‍රමාණයන් ගත්තොත්,
ගිය අවුරුද්දෙ දෙසැම්බර් 31 වෙනකොට තිබුණ ප්‍රමාණය හා වැඩිවීම
වෘත්තිය කලින් වැටුප වැඩි වූ පසු වැඩි වූ ප්‍රමාණය
කම්කරු 10234/- 16738/- 2504/-
රියැදුරු 15134/- 17798/- 2664/-
ගුරුසේවාව 16276/- 19142/- 2866/-
ලිපිකරු 16980/- 19970/- 2990/-
අතුරුවෛද්‍ය
සේවාව 18768/- 22096/- 3328/-
හෙද 19001/- 22382/- 3381/-
පරිපාලන 28871/- 32807/- 4936/-
වෛද්‍ය 31786/- 37412/- 5626/-
ලේකම්වරු 57742/- 67969/- 10228/-
වැටුප් වර්ධකය වැඩිවීම ශ්‍රේණි කීපයක් පමණක්:-
දැනට වැඩිවූ පසු
කම්කරු රු.146/- රු.172/-
ගරුවරු රු.176/- රු. 207/-
හෙද රු.233/- රු.286/-
වෛද්‍ය රු.783/- රු.921/-
ලේකම් රු.1725/- රු.2025/-
සෑම කෙනෙක්ගෙම මූලික වැටුප වැඩිවෙනව වගේම වැටුප් වර්ධකයත් වැඩිවෙනව.
වැටුප් වැඩිවීමෙ වාසිය අතට ලැබෙන මුදල පමණක් නෙමේ, බැංකුවකින් ණයක් ගන්න ගියත් මේක බලපානව. මේ අය රජයේ නිවාඩු දිනයක් වැඩකෙරුවොත්, වෙනදට වැඩිය ලැබෙනව. ඒක ගණනය කරන්නේ මූලික වැටුපට අදාලව. මූලික වැටුප වැඩිවෙනව නම් දීමනාව වැඩියි. ඉරිදා වැඩකෙරුවොත් විශේෂ දීමනා ගෙවනව. අතිකාල දීමනාව පැයකට ගණනය කරන්නේ මාසික වැටුපෙන් 1/240 ක් ලෙසයි. මූලික වැටුප වැඩිවන විට අතිකාල පැයකට ලබාගත හැකි මුදලත් වැඩිවෙනව.
අග්‍රහාර රක්ෂණයෙන් පෙරට වඩා වාසි ලැබෙනවා මේ අවුරුද්දේ සිට, මෙතෙක් අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ක්‍රියාත්මක වුනේ විශ්‍රාම යනතුරු පමණයි. විශ්‍රාම යනකල් පමණක් තිබුණ අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභය 2015 දි ඉදිරිපත් කරපු අයවැයෙන්, අවුරුදු 70 ව දක්වා වැඩිවුණා. 2016 දි ඒක ක්‍රියාත්මක වුණා. ඒක මේ අයවැයෙන් ජීවිතාන්තය දක්වා ලැබෙන ලෙස දීර්ඝ කර තියෙනව. ඒකත් අපේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක්. රක්ෂණයක් කියන එක ජීවිත කාලය තුළම තිබිය යුතු දෙයක්.
අග්‍රහාර රක්ෂණ ක්‍රමයෙදි රිදී, රන් වශයෙන් රක්ෂණ වර්ග කිහිපයක් හඳුන්වල දුන්නා. රුපියල් 125 ක අග්‍රහාර රක්ෂණයකදි, හදවත් සැත්කමකට රුපියල් ලක්ෂ 5 ක් ගෙව්වා. තමන් කැමතිනම්, රුපියල් 300/-ක වාරිකයකට රිදී රක්ෂණයකට යන්න පුලූවන්. නැත්නම් තමන් රුපියල් 600/-ක වාරිකයකට රන් රක්ෂණයකට යන්න පුළුවන්. එහිදී පහත සඳහන් ප්රතිලාභ ලැබෙනව.
හදවත් සැත්කමකදී
රුපියල් 125/- සාමාන්‍ය වාරිකයෙදි රුපියල් ලක්ෂ 5 යි,
රුපියල් 300/- රිදී වාරිකයෙදි රුපියල් ලක්ෂ 8 යි,
රුපියල් 600/- රන් වාරිකයෙදි රුපියල් ලක්ෂ 10 යි,
වකුගඩු සැත්කමකදී
රුපියල් 125/- සාමාන්‍ය වාරිකයෙදි රුපියල් ලක්ෂ 2 යි,
රුපියල් 300/- රිදී වාරිකයෙදි රුපියල් ලක්ෂ 5 යි,
රුපියල් 600/- රන් වාරිකයෙදි රුපියල් ලක්ෂ 12 ක් වශයෙන්, අග්‍රහාර රක්ෂණයෙන් රජයේ සේවකයන්ට සහන දීලා තියෙනව.
මීට අමතරව අපි වැටුප් කොමිසමට යෝජනා කීපයක් ගෙනත් තියෙනව. රජයේ සේවකයන්ගෙ සංයුක්ත දීමනා වැඩි කරන්න. දැන් තියෙන්නේ සාමාන්‍යයෙන් රු.350/-යි ඒක රු.700/-ක් වශයෙන් දෙගුණ කරන්න කියල අපි ඉල්ලල තියෙනව. රු.400/- රු.800/- කරන ලෙසත්, රු.500/- රු.1000/- කරන ලෙසත් ඉල්ලා තියෙනව. දැනට මේ යෝජනා තුනම වැටුප් කොමිසම අනුමත කරල, යවල තියෙව රාජ්‍ය පරිපාලන ලේකම්ට. ඔහුගේ කාර්යභාර්ය තමයි මේක භාණ්ඩාගාරයත් එක්ක කතා කරල, ක්‍රියාත්මක කරන එක. ඒ නිසා අපි බලකරන්නෙ වැටුප් කොමිසම අනුමත කරපු සංයුක්ත දීමානාවෙ වැඩිවී ම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියල.
ඒ වගේම 2017 අයවැයටත් අපි යෝජනා කීපයක් ඉදිරිපත් කෙරුව. දැන් ඒවා ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් තියෙන්නෙ. දැන් අයවැය සම්මතයි. දැන් ඒවා ක්‍රියාත්මක කරන්න කියල අපි ඉල්ලනව.
විශ්වවිද්‍යාලවලට ළමුන් ඇතුළත් කිරීම වැඩි කරන්න කියල අපි කිව්ව. අපි දන්නව රාජ්‍ය විශ්ව විද්‍යාලවලට විශාල ප්‍රමාණයක් ළමුන් ගන්න බැහැ. ළමයි 26000යි අවුරුද්දකට ගන්නෙ. 274000/-ක් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. එයින් 149000ක් සමත වුණා. 149000න් ගත්තෙ 25000යි. ඒ 2015 දි. 2016 දී 26000ක් අරගන තියෙනව. කලින් වසරට වැඩිය 1000ක් වගේ ප්‍රමාණයකින් වැඩිකරල තියෙනව. 149000ක් සමත්වෙලා තියෙනව. ප්‍රංශය වගේ රටක ඒ ලෙවෙල් සමත්වන හැම ළමයෙක්ම විශ්ව විද්‍යාලවලට ගන්නව. නමුත් නොමිලේ නෙමෙයි. තමුන්ගේ දෙමාපියන්ගේ වත්කම් අනුව ඒ සඳහා මුදල් අයකර ගන්නව. අපේ රටේ ඒ වගේ තත්ත්වයක් දියුණු රටවල නැහැ.
26000 සිට 149000 දක්වා හැලෙන ළමයින්ව රාජ්‍ය විසින් බැංකුවක් සම්බන්ධකරගෙන ණයක් දීලා, විශ්වවිද්‍යාල පහසුකම් ලබා ගන්න ඉඩ සලස්වලා, උපාධිය ලබාගත් පසු රැුකියාවකට යොමු කරල, ළමයින්ට ලබා දුන් ණය සහන ක්‍රමයක් යටතේ අයකරගන්න අපි යෝජනා කෙරුව. ඒක අයවැයට දැම්මා. ඒක වහාම ක්‍රියාත්මක කරන්න කියල තමයි අපි මුදල් ඇමතිවරයගෙන් ඉල්ලන්නෙ. තාම ඒ සම්බන්ධව චක්‍රලේක නිකුත්වෙලා නැහැ. ඒ ප්‍රමාදය වලක්වලා ඉක්මනට නිකුත් කරන්න කියල ඉල්ලනව. රටේ ළමයින්ට අධ්‍යාපනය දුන්නොත් රට ඉස්සරහට අරගෙන යන්න පුලූවන්. නැත්නම් ඒ ලෙවෙල් සමත් වෙච්ච අයට වෙන්නෙ ත්‍රීවීල් එකක් එලවන්න, නැත්නම් මේසෙන්, වඩු වගේ වෘත්තියක් කරන්න.
ඒ ලෙවෙල් ලියලා ඒ තුනක් ගත්ත ළමයෙකුට කැම්පස් යන්න බැරි වෙච්ච සිද්ධියක් ලංකාවෙ තියෙනව. බලපිටියෙ වතුගෙදර ළමයෙක් සියදිවි නසාගත්තා, ඒ තුනක් අරගෙනත් විශ්වවිද්‍යාලෙ යන්න බැරි වුණා කියල. අපි කියන්නෙ ඒ තත්ත්වයට ළමයින්ව පත් කරන්නෙ නැතුව ළමයින්ට අධ්‍යාපනය ලබාදෙන්න කියලයි. ඒක ජාතික සංවර්ධනයට හේතුවක් වෙනව. මේව ප්‍රමාද නොවී වහාම කරන්න.
ජාතික සංවර්ධන පුහුණු ආයතනයක් හදන්න කියල අපි අයවැය යෝජනාවලදි යෝජනා කෙරුව. ඒක ඇමතිවරයා පිළිගත්තා. ඇයවැයට දාලා තියෙනව. කලින් ‘ග්රීඩා’ කියලා එකක් තිබුණා. පරිපාලන සංවර්ධන ජාතික පුහුණු ආයතනය. ඒක අදාල වුණේ මාණ්ඩලික සේවාවෙ අයට පමණයි. ඉහළ කණ්ඩායම්වලට. සමස්ථ රජයේ සේවකයන් පුහුණු කරන්න ඕනැ. විවිධ අමාත්‍යාංශවල යම් යම් පුහුණුවීම් තියෙනව. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒකට ජාතික ආයතනයක් හදන්න. ඒකෙ සියල්ලම පුහුණු කරන්න බැරි නම් ඒකෙන් සැලසුම් හදන්න. සැලසුම හදලා, අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන ඒ ඒ ආයතන ලවා ඒ අදාල පුහුණුවීම් ටික වෙන වෙන ම කරවන්න. ඒක තැනකින් ඒක හසුරවන්න. එතන තමයි මූලස්ථානය.
අපි තව සහනයක් අරන් දුන්නා. උපයන විට බද්ද රුපියල් 62500/- ක් වශයෙන් තමයි තමයි තිබුණෙ. ඒ රු.62500/- ය, රුපියල් ලක්ෂය දක්වා වැඩි කෙරුව. මාසෙක ආදායම රුපියල් 62500/-ට වැඩි වුණ ගමන් බදු අයකරනව. රජයේ සේවකයන්ගෙන් වුනත් උපයනවිට බද්දක් අයකරනව. ඒක දැන් ලක්ෂය දක්වා වැඩි කරල තියෙනව. ඒකට චක්‍රලේකයක් තවම රාජ්‍ය පරිපානයෙන් නිකුත්වෙලා නැහැ. එක්කො මුදල් අමාත්‍යාංශයෙන් නිකුත්වෙන් ඕනෙ. අපි ඉල්ලන්නෙ මේවා ප්‍රමාදයකින් තොරව කරන්න කියලයි.
මනෝජ් රූපසිංහ
