සජබ ආර්ථික වැඩ පිළිවෙළ රනිල් කරනවා ; අපට ඒකෙ කරන්න දෙයක් නැහැ – සජිත්

සමගි ජන බලවේගයේ ආර්ථික වැඩ සටහන රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එහි තමන්ට කරන්නට දෙයක් ඉතිරි වී නැති බවත්, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.
ඒ මහතා මෙම ප්‍රකාශය කර ඇත්තේ සමගි ජන බලවේගයේ ජෙෂ්ටයින්ගේ රැස්වීමක දී ය.
ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන බලවේගය සන්ධාන ගතවිය යුත්තේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්නා කණ්ඩායම් සමග බවට පක්ෂයේ ජෙෂ්ටයෙකු ඉදිරිපත් කළ අදහසකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස ප්‍රකාශ කොට ඇත.
හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ අසාර්ථක සහ විනාශකාරී ආර්ථික වැඩ පිළිවෙළේ උපදේශකයින්ව සිටි උදවිය සමග සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන ගතවීමට සජබය තුළ විරෝධයක් ඇති බව කියති.
කෙසේ වෙතත්, සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායම ප්‍රකාශ කරන්නේ මැතිවරණය ජය ගැනීමට නම් ඕනෑම කෙනෙකු සමග සන්ධාන ගතවිය යුතු බව යි. පක්ෂයේ ප්‍රබල පිරිසක් එම මතය බැහැර කරන බව දැනගන්නට ඇත.
