රනිල් වගකීමෙන් නිදහස් ; එජාපයට හත් දෙනෙකුගේ නායක මණ්ඩලයක්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන භූමිකාවක් සඳහා පක්ෂ වගකීම්වලින් නිදහස් කරමින් එජාපයට ජනවාරි 1 දා සිට හත් දෙනෙකුගෙන් යුත් නායක මණ්ඩලයක් පත්වනු ඇති බව වාර්තා වෙයි.

රුවන් විජේවර්ධන, වජිර අබේවර්තන, පාලිත රංගේ බණ්ඩාර, රවි කරුනානයක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක සහ නවීන් දිසානායක නව නායක මණ්ඩලයට පත්වනු ඇතැයි කියති.

ඉදිරියේ දී පක්ෂයේ මෙහෙයුම් කටයුතු මෙම නායක මණ්ඩලයට පැවරෙනු ඇත.

ජානාධිපතිවරණයට ස්වාධීනව තරග වැදීමට සුදානමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප මෙහෙයුම් කටයුතුවලින් ඈත් වී සිටීමට තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *