විදුලි ක්ෂේත්රයේ දුෂණ සිදුවන්නේ සජිත් කියන ප්‍රසම්පාදන ක්‍රමවේද තුලින්

උතුරේ සුර්ය බල විදුලි ව්‍යාපෘතියක් ප්‍රසම්පාදන ක්‍රමවලින් බැහැරව ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැසිවිලි නගා ඇතත්, පසුගිය කාලයේ විදුලි ක්ෂේත්රයේ දුෂණ සහ කඩා කප්පල් ක්‍රියා සිදු වී ඇත්තේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිටතින් නොව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුලින් බව විදුලි ක්ෂේත්රයේ තතු දත් ආරංචි මාර්ග කියයි.
උතුරේ බැටරි ගබඩා පහසුව සහිත විදුලි ව්‍යාපෘතියක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ලබා දීම දුෂිත ගනුදෙනුවක් බවට විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය ගැන කරුණු දක්වමින් ක්ෂේත්රයේ තතු දත් අංශ මේ බව හෙළි කළේය.
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට විදුලි ඉංජිනේරුවන් ඇතුළු ප්‍රබල පිරිසක් සම්බන්ධ බවත්, එම පිරිස ව්‍යාපෘති තෝරා ගැනීම සුක්ෂම ලෙස මෙහෙයවන්නේ පිරිවිතර සැකසීමේ සිට විවිධ කොන්දේසි තමන්ට අවශ්‍ය පරිදි ඇතුලත් කිරීමෙන් බවත්, එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එමෙන් ම මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට විශාල කාලයක් ගත කරමින් සැබෑ ආයෝජකයින් අධෛර්යමත් කිරීමට ද මෙම පිරිස කටයුතු කොට ඇති බව කියති.
උතුරේ එම සුර්ය බල විදුලි ව්‍යාපෘතිය දුෂිත ගනුදෙනුවක් ලෙස හැඳින්වීමට හේතු නැති බවත්, බැටරි ගබඩා පහසුකම් සහිත සුර්ය බල විදුලි ඒකකයකට ඩොලර් ශත 15 ක් යන්න කුමන ගණන් බැලීමක් යටතේ වුව ද සාදාරන මිලක් බවත්, අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එමෙන් ම මෙම කොන්ත්‍රාත්තුව ලබා දීමේ දී අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කරමින් නිසි ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ඒ සඳහා අනුමැතිය දී ඇති බව අපගේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.
මෙහි දී ඇත්ත වශයෙන් සිදු වී ඇත්තේ දුෂණ සිදුවීම වලකාගනීමක් බව ද කියති.
