වෙළෙඳ භාණ්ඩවලට අලුතින් බදු පනවා නැහැ – මුදල් අමාත්‍යාංශය

වෙළෙඳ භාණ්ඩ සඳහා අලුත් බදු පැනවීමක් සිදුකොට නැති බවත් පවතින බදු දිගට ම පවත්වාගෙන යාමට අවශ්‍ය ගැසට් නිවේදනයක් පමණක් නිකුත් කොට ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි .
භාණ්ඩ වර්ග 11ක් සඳහා 2023 දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා පල වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය මේ බව ප්‍රකාශ කොට ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ අදාළ භාණ්ඩ සඳහා 2022 නොවැම්බර් 30 වනදා සිට පනවනු ලදුව මේ දක්වා ක්‍රියාත්මක වූ බදු එම ප්‍රමාණයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පමණක් සිදුකර ඇති බවයි.
ඒ අනුව එම භාණ්ඩ සඳහා අලුතින් බදු පනවා ඇති බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මුදල් අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN
