බිල් ගේට්ස් ජනපති හමුවක්
ඩුබායි හි පැවැත්වෙන COP 28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝකයේ පළමු පෙලේ ව්‍යාපාරිකයකු සහ ධනවතකු වූ බිල් ගේට්ස් මහතා අතර හමුවක් සිදු වී තිබේ.
වරෙක ලෝකයේ අංක එකේ ධනවතව සිටි බිල් ගේට්ස් මහතා සමාජ සුබ සාධනය සඳහා ඔහු විසින් ම ආරම්භ කරන ලද බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සභාපති වරයා ද වෙයි.
පරිසර හිතකාමී සංවර්ධනයක් වෙනුවෙන් බිල් ගේට්ස් මහතා ව්‍යාපාර රැසක් ආරම්භ කොට ඇත.
ස්රිඋ ලංකාවේ පරිසර හිතකාමී සංවර්ධනයකට ආධාර කිරීමට බිල් ගේට්ස් මහතා කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

