දප්පුලට සේවා දිගුවක් නොදුන් නිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවකු ඇතැයි කියා රට ගිනි තබා යන්න ගියා – අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

 

 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරය දැරූ සමයේදී එවකට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තවත් වසරක සේවා දිගුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා එය ලබා නොදීම හේතුවෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවකු සිටින බව පවසා රටම ගිනි තබා ගෙදර ගිය බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) ප්‍රකාශ කළේය.

ඒම සිද්ධිය සම්බන්ධයෙන් එවකට නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ගත් බවද පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහමොළකරුවකු සිටින බවට කවුරුන් හෝ තොරතුරු දන්නේ නම් අදාළ තොරතුරු ලබා දීම සිදු කළ යුතු බවත් එසේ වුවහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *