ලෝක කුසලාන කණ්ඩායමෙන් දුෂ්‍යන්ත චමීර,වනිදු හසරංග නම් කැපුවේ ක්‍රීඩා ඇමැතියි

 

ලෝක කුසලානය සදහා නම් කළ කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීරගේ සහ වනිදු හසරංගගේ නම් කපා හැරීම සිදුවුයේ ක්‍රීඩා ඇමතිගේ බලපෑම මත බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ඒ මහතා වැඩි දුරටත් කීවේ මෙය පැහැදිලිවම දේශපාලන අත පෙවීමක් බව යි.

මෙබඳු දේශපාලන ඇඟිලි ගැසීම් වසරක පමණ කාලයක් තිස්සේ සිදු වූ බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට සැරසුනේ පසුගිය ජුනි මාසයේ දී බවත් ඒ මහතා ප්‍රකශ කළේය.

ඒ මහතා කීවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම හදිසියේ සිදුවූවක් නොවන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *