ඡන්දය කල් දමන්න ඉල්ලු පෙත්සම විභාගයට ගන්න තීන්දු කරයි

 

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කරන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබා දී ඇත.

අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයින් විසින් මතු කර තිබූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දී තිබේ.

එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *