රනිල් සමග සම්මුතියක කතාව සජිත් ප්‍රතික්ෂේප කරයි

රජය සමග සම්මුතියකට යාමේ කිසිදු සුදානමක් නැති බව සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේය.
ඒ මහතා කීවේ ජන පීඩක ආණ්ඩුවකට යාමට තමන්ගේ කිසිදු සුදානමක් නැති බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දී සජිත් ප්‍රේමදාස මහතාට අගමැති තනතුර ලබාගැනීම සඳහා සජබ පිරිසක් සහ එජාපය අතර සාකච්ඡා පැවැත්වෙන බවට වාර්තා පළවීමත් සමග එයට ප්‍රතිචාර ලෙස සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රකාශය කළ බව දේශපාලන අංශ ප්‍රකාශ කරයි.
එජාපය සහ සජබ අතර සම්මුතියක් ගැන ප්‍රවෘත්තිය සත්‍ය දැයි අද පැවති එජාප මාධ්‍ය සාකච්ඡාවේ දී මධ්යව්දියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීවේ ඒ ගැන කිසිවක් කිව නොහැකි වුවත්, රනිල්ට ජනාධිපති වීමටත් සජබ පිරිසක ගේ ඡන්ද ලැබුණු බව යි.
පාර්ලිමේන්තුවේ එජාපයට තිබු එක් අසුන දැන් තුනක් වී ඇති බවත්, ඉදිරියේ දී එම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවත්, ඒ මහතා වැඩි දුරටත් කී ය.
