මහ බැංකු පනත සම්මතයි

 

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී අද  (20) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 24ක් පමණි.

පනතට ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත. පනතට පක්ෂව සහ විපක්ෂව ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 90 කි . චන්දය නොදුන් හෝ නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාව 134 කි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනතට විරුද්ධවය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (20) දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහාවූ විධිවිධාන රැසක් ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *