සජිත් ඡන්දය ඉල්ලයි ; මුජිබර් මන්ත්‍රීකම ඉල්ලයි !

 

පළාත් පාලන මැතිවරණය ලබාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ සහ සිවිල් සංවිධාන සමග ඒකාබද්ධ වැඩ සටහනක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සාකච්ඡාවක් පැවැත් වූ අතර මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ප්‍රකශ කළේ තමන්ගේ නැති වූ මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා නීතිමය පියවර ගන්නා  බව යි.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමේ අරමුණින් මෙලෙස  අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර ඇත.

පළාත් පාලන මැතිවරණය නොපවත්වන තත්ත්වය තුළ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව මුජුබර් රහුමාන් මහතා  පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මේ වන විට ඒ එච් එම් ෆවුසි මහතා පත්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *