රතුපස්වල ජනතාවට වෙඩි තැබීමට නියෝග දුන්නේ තමා බව මහින්ද පිලිගනී..!

යම් වැඩවර්ජනයක් හෝ උද්ඝෝෂණයක් පවතින ස්ථානයකට හමුදාව යෙදවීම වැරදි බවත් එසේ හමුදාව යොදවන්නේ නම් ඒ සදහා නියෝගදීම සේනාධිනායකයා ලෙස ජනාධිපති වරයාට පමණක් සිදුකල හැකි බවත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ අනුව පෙනී යන්නේ රතුපස්වල පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කල ජනතාවට එදා වෙඩි තැබීමට නියෝග ලබාදුන්නේ සේනාධිනායකයා ලෙස තමා විසින් බව මහින්ද රාජපක්ෂ පිලිගෙන තිබේ. මන්දයත් එදා එම උද්ඝෝෂණය විසුරුවා හැරීමට යුධ හමුදාව යෙදවු අතර එහිදී සිදුකල වෙඩිතැබීමෙන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී විශාල පිරිසක් තවාල ලැබීය.  වරාය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේදි ඔහු මේබව පිලිගෙන තිබේ.

වරාය සිද්ධිය මගින් කම්කරු අයිතිවාසිකම් අහිමි කරන ආකාරය පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. ඉතිහාසයේ ප්‍රථම වරට නාවික හමුදාව මැදිහත්වී වැඩවර්ජනයක් කඩාකප්පල් කළ බවයි  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.  කෙසේ වෙතත් තමන් දන්නා පරිදි  සේනාධිනායකයාගේ නියෝගයකින්  තොරව ආරක්ෂක හමුදාවකට එවැනි මැදිහත්වීමක් කළ නොහැකි බව පවසන රාජපක්ෂ මහතා සඳහන් කළේ  මේ සිද්ධිය පුදුම සහගත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *