විකාශන අධිකාරියක් නැත්නම් සියලු බලය තිබෙන්නේ මට යි – ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන

 

යෝජිත විකාශන අධිකාරී පනත යටතේ විකාශන ආයතනවලට බලපත්‍ර දීමට සහ අවලංගු කිරීමට ආණ්ඩුවට බලය ලැබෙන බවට ඇතැම් පිරිස් විවේචන එල්ල කළ ද ඒ සියලු බලතල දැනට ඇත්තේ ජනමාධ්‍ය ඇමති ලෙස තමන්ට බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධම මහතා ප්‍රකාශ කළේය.

දැනට පවතින නීතිය අනුව විකාශන ආයතන සඳහා පලපත්‍ර දීම සහ ඒවා අවලංගු කිරීමේ සම්පුර්න බලය ඇත්තේ ජනමාධ්‍ය ඇමතිවරයාට බව ඒ මහතා ප්‍රකාශ කළේය.

බලය තිබු පමණින් එබඳු  කර නැති බව ද කරන්නේ නැති බව ද ඇමතිවරයා කීය.

කැබිනට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *