ජනපති යෝජනාවෙන් මුදල් කමිටු මුල් පුටුව හර්ෂට ; හර්ෂගෙන් පොරොන්දුවක්

තවමත් පුරප්පාඩු වී ඇති රාජ්ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ නාම යෝජනාව අනුව සමගි ජන බලවේගයේ මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දිය යුතු බවට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ කළ යෝජනාවට සියලු පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබිණි.
සියලු පක්ෂ සමග ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ යෝජනාව කළේ ය.
එම තනතුර පිළිගනිමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්රකාශ කළේ රජයේ වැඩ විවේචනාත්මකව ඇගයීම මිස වැඩ කඩා කප්පල් කිරීමට මෙම තනතුර යොදා නොගන්න බව යි.
මීට පෙර මෙම තනතුර සජබ මන්ත්රී මයන්ත දිසානායක මහතාට ලබා දී තිබිණි. ඒ මහතා ඉල්ලා අස්වීම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබිණි.
එම කාලය තුළ එහි වැඩබලන සභාපති ලෙස එජාප මන්ත්රී වජිර අබේවර්ධන මහතා කටයුතු කළේය.
