විපක්ෂය විරුද්ධ වන විකාශන අධිකාරී පනතක් ආණ්ඩුවෙන් ගෙනත් නැහැ !

ආණ්ඩුවෙන් ඉදිරිපත් කොට ඇති විකාශන අධිකාරී පනතට ඒකමතිකව විරුද්ධ වන බව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය අද ප්‍රකාශ කළ ද එබඳු පනතක් රජය ඉදිරිපත් කොට නැති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
එබඳු පනතක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට හෝ ගැසට් කොට හෝ නැත.
විකාශන අධිකාරියක් සඳහා යෝජිත ලියවිල්ලක් අධිකරණ අමාත්‍යංශය විසින් සකස් කොට මහජන අදහස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇත. එය කැබිනට් මණ්ඩලය මගින් අනුමත කොට හෝ කැබිනට අනුමැතියට ඉදිරිපත් කොට හෝ නැති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
මෙය හුදෙක් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන ලද්දකි.
එබඳු පනතක් ඉක්මනින් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැති බව ද කියති.
පනතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂය අද ප්‍රකාශ කළ ද ගැසට් කොට නැති පනතකට එරෙහිව අධිකරණයට යා නොහැකි ය.
කෙසේ වෙතත්, ආණ්ඩුවට සම්බන්ධ ප්‍රකාශකයකු කීවේ දේශපාලඥයින්ගේ ගෙවල් ගිනි තැබීමට ත්‍රස්තවාදී කණ්ඩායම් මෙහෙයවීම වැනි වැඩ මාධ්‍ය නිදහස ලෙස පිළිගත නොහැකි බව සහ එවැනි සිදුවීම් යලි සිදු නොවීමට කිසියම් පාලනයක් අත්‍යවශ්‍ය බව යි.
