දිස්ත්‍රික්කයකින් සතියකට කිරි ගවදෙනුන් 35ක් මස් කඩයට !

 

එක් දිස්ත්‍රික්කයකින් සතියකට කිරි එළ දෙනුන් 35 ක් පමණ සොරකම් කරන බවට තමාට තොරතුරු ලැබී ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකශ කරයි.

එබැවින්,   කිරි ගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් කරයි.

මෙම දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බවට ගොවි සංවිධානවල නියෝජිතයින් සිදුකරන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අමාත්‍යවරයා අදාළ ඉල්ලීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි පරිදි දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් සොරකම් කරන බවත් එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බවටත් ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ගව සොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *