ව්‍යවස්ථා සම්පාදනය කොට උඩ යවන කුමන්ත්‍රණයක් !

ජනාධිපති ක්‍රමය ඉවත්කර, ජාතික ප්‍රශ්නයට විසඳුමක්මක් ලෙස පුළුල් බලතල බෙදීමකට සියයට සියයක් තමන් එකඟ නමුත්, ජනමත විචාරණයට යන ව්‍යවස්ථා වෙනසකට ගොස් පරාජය වනවාට වඩා ව්‍යුහාත්මක වෙසකට නොගොස් ජනාධිපති ක්‍රමය තබාගෙනම, ආණ්ඩුකරණයේ වෙනසක් කිරීම මේ අවස්ථාවේ ප්‍රමාණවත් බව ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වූ ශිරාල් ලක්තිලක මහතා පසුගිය දා රේණුකා හෝටලයේදී පැවති සාකච්ඡා සම්මන්ත්‍රණයක දි ප්‍රකාශ කළේ ය.
ව්‍යවස්ථා සම්පාදනයට අදාළව දැනට එළිදැක ඇති කමිටු වාර්තා පිළිඳව ජනතාව සමඟ සාකච්ඡාවක් ගොඩනැගීම හා නව ව්‍යවස්ථාවකට ජනතා අනුමැතිය ලබාගැනීමේ ක්‍රමොපායන් ගැන සාකච්ඡා කිරීමට මේ සාකච්ඡාව කැඳවා තිබුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි.
වැඩිදුරටත් අදහස් දැක් වූ ලක්තිලක මහතා මෙහි දී කියා සිටියේ මහජන අදහස් ලබාගැනීමේ කමිටුව තම පාර්ශවයට කැඳවීමක් නොකළ බවත්, මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තනිකරම කේන්බි්‍රජ් පෙදෙසේ සිට ක්‍රියාත්මක වන්නක් බව ය. මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ජනාධිපති ගේ පාර්ශවය සම්බන්ධ කර නොගන්නා බව පමණක් නොව රටේ ආර්ථිකය ද මෙහෙය වෙන්නේ කේම්බ්‍රජ් පෙදෙසේ සිට බවට ද ඔහු චෝදනා කළේ ය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ද මේ කමිටුවලට ක්‍රියාකාරි ලෙස සහභාගි වූ බව මෙහිදි සාකච්ඡාවට සහභාගි වූ අය පෙන්වා දුන් හ. නිමල් සිරිපාලද සිල්වා හා සුසිල් ප්‍රේමජයන්ත වැනි අය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ වැඩි උනන්දුවක් නැති අය බව ද මෙහිදී ලක්තිලක පැවසුවේ ය.
සෝභිත හාමුදුරුවන් නායකත්වය දුන් සිවිල් ව්‍යාපාරය හරහා විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට ජනවාරි 08වෙනිදා ජනතා අනුමැතියක් ලැබී ඇති බවත්, මහින්ද රාජපක්ෂ පලවා හැරියේ එම සටන් පාඨය හරහා බවත් සාකච්ඡාවට සහභාගී වූ නියෝජිතයෝ මෙහි දි තර්ක කළ හ. විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂය පවසන ආකාරයට ම ජයම්පති වික්‍රමරත්න ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ උවමනාවට මේ ව්‍යවස්ථා සම්පාදනයේ මූලික හැඩරුව නිර්මාණය වී ඇති බව ලක්තිලක මහතා මෙහි දි චෝදනා කළේ ය. රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇති බද්ධ වෛරයක් පිරීමසා ගැනීමට මෙය අවස්ථාවක් කරගෙන ඇති ලක්තිලක මහතා, ෆෙඩරල් ව්‍යවස්ථාවකට වූවත් තමන් කැමති බව පවසා, යටින් මෙය කඩාකප්පල් කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වි සිටින බව අනාවරණය වූ බව මේ සාකච්ඡාවට සහභාගි වූ සියලුම දෙනාගේ අදහස විය. මෙය ජනාධිපතිවරයා දැනුවත්ව සිදුවන දෙයක් ද යන සැකය සාකච්ඡාවට සහභාගි වූ වැඩි දෙනෙක් සැකකළ හ. කෙසේ නමුත් වැඩි දෙනාගේ අදහස වූයේ ජනාධිපති සහ අගමැති මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දේශපාලන නායකත්වය දෙන්නේ නම් මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයෙන් ද ජගහතහැකි බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *