කැබිනට් සංශෝධන කතාව වෙන්ඩ ඇමැතිලාගේ ප්‍රචාරයක් – රනිල්ගෙන් කිසිදු පොරොන්දුවක් නැහැ

කැබිනට් සංශෝධනයක සිදුවන බවට වරින් වර දින වකවානු ගැන ප්‍රචාරය කිරීම ඇමති තනතුරු බලාපොරොත්තුව සිටි සහ ඉල්ලා සිටි පිරිසකගේ ක්‍රියාවක් බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක එබඳු ප්‍රකාශයක් කර හෝ පොරොන්දුවක් දී හෝ නැති බවත්, රජයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත්, තමන්ට ඇමති තනතුරු ඉල්ලා සිටි පිරිස මාධ්‍යයට තොරතුරු ලබා දුන්නේ සහ ප්‍රකාශ කළේ ළඟදීම කැබිනට් සංශෝධනයක් වන බව සහ එහි දී තමන්ට ද ඇමති තනතුරක් ලැබෙන බවට ය. එමගින් කැබිනට් සංශෝධනයක් සඳහා ජනාධිපතිතුමාට පීඩනයක් ඇති කිරීම ද මෙම පිරිසේ අරමුණ වූ බව කියති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපහසුත්වයට පත් කිරීමේ අරමුණින් විපක්ෂය සහ මාධ්‍ය ද එම ප්රචාරයට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්න ද අවසානයේ කිසිවක් සිදුවුයේ නැත.
කෙසේ වෙතත්, කැබිනට් මණ්ඩලය විශාල කිරීමට ජනාධිපතිතුමා කැමැත්තක් දක්වා නැත. එනමුත් ඒ පිළිබඳව ගැටුම් ඇතිකර ගැනීමෙන් වැලකීමට නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය වූ බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවන්නේ නම් එහි අවශ්‍යතාවය අනුව කැබිනට් මණ්ඩලය අලුතින් පත් කිරීමට ජනාධිපතිතුමා කැමැත්ත ප්‍රකාශ කොට ඇතත්, එබඳු තත්ත්වයක් ඇති වුයේ නැත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම සිදු නොවන නිසා තමන්ට ඇමති ධුර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් කළ ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තක් දක්වා නැත.
රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා මුලින් අකමැති වුව ද , එය කිරීමට සිදු වුයේ දේශපාලන මෙහෙයවීමකින් තොරව ඇතැම් නිලධාරීන් තීරණ නොගන්න බව පෙනීගිය නිසා බව ද, ආණ්ඩුවේ අරන්චිමරග වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
