|

සංස්කෘතික කුරුස බිම තියමු – නිශාන්ත කමලදාස

 

මේ වන විට අපගේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සාකච්ඡාවල දී බොහෝ විට සිදුකරනු ලබන්නේ අදහස සාකච්ඡාවට ගන්නවා වෙනුවට අදහස ඉදිරිපත් කරන තැනැත්තාට ප්‍රහාර එල්ල කොට  අපහාස කර අධෛර්යට පත් කිරීමට උත්සහ දැරීම යි.  මෙය අතීතයේ සරසවි තුළ සාකච්ඡාවල දී පවා දකින්නට ලැබුණු තත්ත්වයකි. පණිවිඩය තේරුම් නොගෙන පණිවිඩකරුවාට පහර දීමේ මෙම තත්ත්වය අද වන විට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ලෙස දකින්නට ලැබෙයි.

අද දකින්නට ලැබෙන තවත් තත්ත්වයක් නම් එක ම පිරිස  එක එක වෙලාවට එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ  කිරීමයි. උදාහරණයක් ලෙස මේ ආණ්ඩුවට මුල්‍ය අරමුදල කෙසේ වත් ණය නොදෙන බව ප්‍රකාශ කළ පිරිස ම අද කියන්නේ මෙය අයි එම් එෆ් යන්න ම කල් තියා කළ සැලසුමක් බවයි.

එමෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ උදවිය මැතිවරණ කල් දැමීම ගැන නිහඩව සිටින බවක් ද දක්නට ඇත.

මෙලෙස ම, එක ම පිරිස එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ කිරීම සුලබ තත්ත්වයකි.

එමෙන් ම ඇතැම් විට බොරු සංඛ්‍යා ලේඛන මෙන් ම ඇත්ත සංඛ්‍යා තුළින් වැරදි අදහස් සමාජ ගත කිරීමේ උත්සාහයන් ද හඳුනාගත හැකි ය.

අපගේ උන්නතියට ප්‍රධාන බාධක රාශියක් ඇත්තේ අපගේ ම සංස්කෘතිය තුළ යි. එක අතකින් දක්නට ඇත්තේ තමන් බලවත ලෙස තහවුරු වීම මිස අනෙක් අයට කන් නොදීමේ තත්ත්වයකි. අනෙක් අතට තරඟ කිරීම වැරදි බවට විශ්වාසයක් ඇති අතර අල්පේච්ච ජීවිතය අගය කිරීමක් පවතියි. මෙම සංස්කෘතිය පවතින්නේ අපගේ දියුණුවට හානිකර ආකාරයෙනි.

Royal Taprobanian හි උපුල් සාන්ත සන්නස්ගල තම යූ ටියුබ් චැනලය සඳහා නිශාන්ත කමලදාස සමග කළ සාකච්ඡාවේදී මෙම අදහස් ඉදිරිපත් කෙරෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *