පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතිව කල් දමයි

අප්‍රේල් 25වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයකින් තොරව  කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ඒ පිළිබඳව අධිකරණයේ විභාග වන නඩුවල තීන්දු මත හෝ මුදල් ලැබීම මත හෝ ඡන්ද විමසීමේ දිනය පසුව තීරණය කරන බව කොමිසම ප්‍රකාශ කරයි
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට විවිධ අවහිරතා මධ්‍යයේ වුවද කටයුතු කරමින් සිටි බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. එහෙත් ඊට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වී නොමැත. එසේ තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩුවල තීන්දු මත දිනයක් තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනයේදී හෝ නැතිනම් ලැබෙන පළමු අවස්ථාවේම ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ අපේක්ෂා කරන බව කොමිසම කියයි.
එම පළමු අවස්ථාවේම ඡන්ද විමසීම පැවැත්වීම සදහා දිනය තීරණය කිරීම මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් මත දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් විසින් සිදුකරනු ඇති බවද මැතිවරණ කොමසම සදහන් කරයි.
කෙසේ නමුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සදහා මේ දක්වා ගත් ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගන්නා බව මැතිවරණ කොමිසමේ නියමය පරිදි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *