පක්ෂය බේරාගන්න සජිත්, වජිර සමග රහස් සාකච්ඡාවක ?

 

සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් රජයට සම්බන්ධ වන බව ප්‍රචාරය වීමත් සමග පක්ෂය රැක ගැනීමේ විශාල වෙහෙසක් දරන සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සමග රහස් සාකච්ඡාවක යෙදී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග මගින් ‘යුක්තිය’ට දැනගන්නට ඇත.

තුන්වන පාර්ශවයක මැදිහත්වීමෙන් මෙම සාකච්ඡා සිදුවන බව කියති.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද කණ්ඩායම් වශයෙන් ගොස් වජිර අබේවර්ධන මහතා හමු වී ඇති බව ද දැනගන්නට ඇත.

ඊයේ (6) දා ද සතර දෙනෙකුගේ කණ්ඩායමක් රැජින පාරේ වජිර අබේවර්ධන මහතගේ නිවෙසට ගොස් සාකච්ඡා කළ බව ද තතු දත් ආරංචි මාර්ග කියයි.

සමගි ජන බලවේගය තුළ වර්ධනය වී ඇති ගැටුම් සහ පක්ෂ මාරුවක ප්‍රතිඵල පිළිබඳව එම සාකච්ඡාවල දී අවධානයට යොමු වී තිබේ.

බෙදුණු එක්සත් ජාතික පක්ෂය යලි එක්සත් කළ යුතු බව එම සාකච්ඡාවල දී අවධානයට යොමු වී ඇතැයි ද ඒ සඳහා ඇති බදා පිළිබඳව ද අවධානය යොමු වූ බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *