වෘත්තීයවේදීන්ගේ සටන ගැන සාකච්ඡාව තීරණයකින් තොරව අවසන්

ආදායම් බදු ය කිරීමට එරෙහිව වෘත්තීයවේදීන්ගේ සංවිධාන ගෙනයන සටන් ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා අද පැවති වෘත්තීය සමිති නායකයින්ගේ සාකච්ඡාව කිසිදු පැහැදිලි තීරණයකින් තොරව අවසන් වූ බව වාර්තා වෙයි.

ඉදිරි කාලයේ නැවත සටන් ක්‍රියාමාර්ග වලට පිවිසිය යුතු බව සාකච්ඡා වී ඇතත්, එම ක්‍රියාමාර්ග පිළිබඳව එකඟත්වයකට පැමිණ නැත.

ලබන සතියේ නැවත රැස් වී ඉදිරි පියවර තීරණය කිරීමට එකඟත්වයක් ඇති වූ බව කියති.

තමන්ට 22 දාට පෙර ජනාධිපති හමුවීමට අවස්ථාව නොදුන්නොත් දැඩි පියවර ගන්නා බව මෙම සංවිධාන රජයට දැනුම් දී තිබුන ද මේ දක්වා ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් දී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *