ගුරු මාරු මණ්ඩල ; වෘත්තීය සමිති තීරණ සමාලෝචනයට පියවර

 

පාසල් ගුරු මාරු මණ්ඩලවල දී වෘත්තීය සමිති නියෝජිතයින් දී තිබෙන නිර්දේශ යලි සමාලෝචනය කරන බව අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ. එහි දී නිලධාරීන් දැනුම් දී තිබෙන්නේ මාරු මණ්ඩලවල දී වෘත්තීය සමිති දෙන නිර්දේශ මින් ඉදිරියට ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක නොකරන බව යි.

අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවක දී වෘත්තීය සමිති වෙත මෙම දැනුම් දීම සිදුකොට තිබේ.

රජයට එරෙහි වැඩ ර්වජන සහ උද්ඝෝෂණ සඳහා ගුරුවරුන් මෙහෙයවීමට වෘත්තීය සමිති විසින් ගුරු මාරු මණ්ඩලවල තම බලය අයුතු ලෙස භාවිතා කරන බව වාර්තා වීම නිසා මෙම පියවර ගෙන ඇතැයි කියති.

තම සංගම් ක්‍රියාකාරීන්ට පහසු පාසල් ලබා දීමට සහ වෘත්තීය සමිතිවලට සහය නොදෙන පිරිස්වලට දුෂ්කර පාසල් ලබා දීමට වෘත්තීය සමිති නායකයින් මෙම බලය යොදා ගන්නා බව කියති.

ගුරු මාරු මණ්ඩල සඳහා කිසිදු නීතිමය පදනමක් නැති අතර ඒවා අමාත්‍යංශයේ පහසුව සඳහා පිහිටුව ගෙන ඇති ස්වේච්ඡා ආයතන වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *