අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න විදෙස් සමාගම් කැදවයි ; වරාය, විදුලි, දුම්රිය ඒ අතර

තව දුරටත් වැඩ වර්ජන සිදු කරමින් රට තුල අත්‍යවශ්‍ය ඒවා බිඳවැටීමේ තත්වයක් ඇතිවුණොත් එම සේවා පවත්වාගෙන යාම සඳහා විදේශීය සමාගම් කැඳවීමට රජය සූදානමින් සිටී.
වරාය වැනි සේවාවන් දිගින් දිගටම වැඩ වර්ජන මගින් අඩාල වුවහොත් දකුණු ආසියාවේ ප්‍රබලම වරාය මෙහෙයුම් සමාගමක් ඒ සඳහා කැඳවීමට දැනටමත් සාකච්ඡා සිදු කර ඇත.
විදුලිබල දුම්රිය වැඩවර්ජන නිසා ජනතාවට සිදුවන පීඩා අවම කිරීමට මෙම යෝජනා ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මෙම සේවාවන් පවත්වාගෙන යාමට විදේශ සමාගම් කැඳවන්නේ නම් ඔවුනට හමුදා ආරක්ෂාව යටතේ සේවාවන් පවත්වාගෙන යාමට ද ඉඩ ලැබෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
lanka C news
