රාජ්‍ය බැංකුවල ර්වජනයට ආණ්ඩුවෙන් පිළිතුරු ; රජයේ ගිණුම් පෞද්ගලික බැංකුවලට

 

රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ මෙම ගිනුම් විවෘත කිරීමට රාජ්‍ය අංශයට හැකිවන බව අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

රාජ්‍ය බැංකු වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වසා තැබීමෙන් ආර්ථිකයට සිදුවිය හැකි අගතිදායි තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

රාජ්‍ය බැංකු වසා තැබීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට, ගෑස් සමාගම, සෞඛ්‍ය අමාත්‍යංශය ආදි අමාත්‍යංශවලට සිය මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පවා අවස්ථාව නොලැබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර වෘත්තීය සමිති කටයුතු පිලිබඳ ජනාධිපති උපදේශක සමන් රත්නප්‍රිය මහතා අද ප්‍රකාශ කළේ ර්වජනය කරන බව කියූ ප්‍රවාහන ,සෞඛ්‍ය, තෙල්, වරාය, විදුලි, ගුරු වැනි කිසිදු ක්ෂේත්‍රයක වැඩ ර්වජනයක් ක්‍රියාත්මක නොවූ බව සහ එවැනි තත්ත්වයක් යම් පමණකට දක්නට ලැබුනේ රජයේ බැංකු ක්ෂේතයේ පමණක් බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *