ජනක රත්නායක හිතුවක්කාර තීරණ අරන් ; නඩු ගාස්තු කොමිසමෙන් ගෙවන්න තහනම් – අධිකරණය කියයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හිතුවක්කාර තීරණ ගෙන ඇති බව අධිකරණයට පෙනී යන බවත්, එම තීරණ මත ගත් නීතිමය ක්‍රියාමාර්ග සඳහා වියදම් මහජන උපයෝගිතා කොමිසමේ මුදලින් නොගෙවිය යුතු බවත්, අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළේය.
ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා උපයෝගිතා කොමිසම ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභා කරමින් අධිකරණය අද මෙම නියෝගය ලබා දී තිබේ.
උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ගොනුකළ පෙත්සමට නීතිමය පදනමක් නැති බව කියමින් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය.
මෙම නඩු කටයුත්තේ වියදම් උපයෝගිතා කොමිසමේ අරමුදලින් නොගෙවීම සහතික කිරීම සඳහා මෙම තීරණය විගනකාධිපතිවරයට ද දන්වා යැවීමට ද අධිකරණය තීන්දු කළේය.
