මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ප්‍රකාශයට

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීරණය කළේය.
ඒ අනුව දැනට සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර ලබා දී තිබෙයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් මැතිවරණ කොමිසම විසින් නීති ප්‍රකාරව පවත්වන බවට ප්‍රතිඥා දී ඇති බැවින් නඩු කටයුතු අවසන් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට අද අභියාචනයක් ඉදිරිපත් විය
ඒ අනුව මෙම රිට් පෙත්සම් දෙකට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු විසින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන්න වැඩිදුරටත් සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *