පස්වැනි ගල් අගුරු නැවත් එයි

මේ මාසය තුළ පැමිණීමට නියමිතව තිබු තවත් ගල්අඟුරු නෞකාවක් මෙරටට ළඟා වී තිබේ.
ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙයත් සමග මේ මාසය ඇතුළත ගල්අඟුරු රැගත් නෞකා 05 ක් ළඟා වී ඇති බවයි.
මීට පෙර මෙරටට පැමිණ ඇති හතර වන නෞකාවේ ගල්අඟුරු මේ වන විට නොරෝච්චෝලේ බලාගාරයට ගොඩබාමින් ඇතැයි ද ඔහු පැවසීය.
අනිද්දා වන විට එහි ගල්අඟුරු ගොඩ බා අවසන් වන බව කියති
මේ මාසය තුළ ගල්අඟුරු නෞකා 07 ක් මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.
ගල් අඟුරු නිසි කලට නොලැබීමෙන් පය 10 ක් විදුලිය කපන්නට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ප්‍රකාශ කොට තිබිණි.
මේ වනවිට එබඳු අවදානමක් කිසිදෙත් නැති බව කියති.
