ජනාධිපතිවරණය ලබන වසරේ ? – නවීන් දිසානායක

ජනවරමක් ලබා ගැනීමේදී හොඳම විකල්පය ජනාධිපතිවරණයක් බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂයේ නායකයකු වන නවීන් දිසානායක මහතා 2023 අගෝස්තු මාසයේදී ජනාධිපතිවරණයක් අපේක්ෂා කළ හැකි බව පැවසීය.
“ජනාධිපතිවරණයක් පැවැත්වීම හොඳම විකල්පය වන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අයෙක් එම තනතුරෙන් ඉවත් වූ පසු නව ජනාධිපතිවරයෙකු පත් කර ගත හැකි බැවිනි. ඒ නිසා 2023 අගෝස්තු මාසයේදී ජනාධිපතිවරණයක් බලාපොරොත්තු වන්න,” දිසානායක මාධ්‍ය හමුවකදී පැවසීය.
“ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීම ගැන බවත්, ඒ නිසා ඡන්දය කල් දැමීමක් සිදු නොවන බවත්” ඔහු පැවසීය.
“ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මහ මැතිවරණය , ජනාධිපතිවරණය , පළාත් පාලන මැතිවරණය ඇතුළු ඡන්ද තුනම එකම දිනක පවත්වන්න කියලා යෝජනාවක් තියෙනවා. මමත් ඒ යෝජනාවම ජනාධිපතිතුමාට ඉදිරිපත් කර තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවද වත්මන් ජනාධිපතිවරයාද එම මතය දරන බව ද , ඒ මහතා ප්‍රකාශ කළේය.
(යොහාන් පෙරේරා)
Daily Mirror
