ලංවිම ප්‍රතිව්‍යූහගත කරණයෙන් සමාගම් 14 ක් ; ලෙකෝ සමාගම එලෙස ම යි

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සැකසීමට පත්කළ විශේෂඥ කමිටුව මගින් එම ආයතනය සමාගම් 14 ක් ලෙස ස්ථාපනය කිරීමට ඉදිරිපත් කළ සැලසුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව එම ආයතනය දැනට කරන සේවා ක්ෂේත්‍ර අනුව වෙන් කොට නව සමාගම් යටතට පත්කරන අතර දැනට පවතින ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ ) ඒ අයුරින් ම පවත්වාගෙන යනු ඇත.
විදුලි පද්ධති පාලනයට සමාගමක්, සම්ප්‍රේෂණයට සමාගමක් , බෙදාහැරීම් සමාගම් හතරක්, විදුලි නිෂ්පාදන සමාගම් හයක් , දැනට තිබෙන ර්අථසාධක සහ විශ්‍රාම අරමුදල් කළමනාකරණ සමාගමක්, සහ එම සමාගම් කිසිවකට නොපැවරෙන වෙනත් කටයුතු සඳහා සමාගමක් ලෙස සමාගම් 14 ක් පිහිටුවීමට යෝජිත ය.
මෙයින් සම්ප්රෂණ සහ බෙදාහැරීම් සමාගම් සඳහා දැනටමත් වෙන ම පරිපාලන ක්‍රමයක් ක්‍රියාත්මක අතර ඒ අනුව නව සමාගම් හතර ස්ථාපනය කරනු ඇත.
කැළණි ගඟ ආශ්රිත ලක්ෂපාන සංකීර්ණය, මහවැලි බලාගාර සංකීර්ණය , සමනලවැව සංකීර්ණය, නොරච්චෝලේ බලාගාරය, කැලණිතිස්ස සහ සපුගස්කන්ද තාප බලාගාර සහ මන්නාරම සුළං බලාගාරය සඳහා විදුලි නිෂ්පාදන සමාගම් හයක් යෝජනා කොට තිබේ.
විදුලිබල ක්ෂේත්රයේ නියාමනය සඳහා වෙන ම ආයතනයක් පිහිටුවීමට ද විශේෂඥ කමිටුව නිර් දේශ කොට ඇත.
