තවමත් එක්සත් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් මමයි – ඇමති මහින්ද මැතිවරණ කොමිසමට දන්වයි
වෙනත් අයෙකු පත් කළ බවට ප්රවෘත්ති පළ වී ඇතත්, තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.
ලිපියක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉවත්කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් ඒ සඳහා පත්කර ඇති බවට ජනමාධ්‍ය හරහා තමන් දැනුවත් වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ එම වෙනස්කිරීම අනුමත කොට නැති බවය.
එබැවින් එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී, නීතිවිරෝධී කටයුත්තක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
මේ හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ වෙනස්වීමක් පිලිබඳ යම් දැනුම්දීමක් කොමිසම වෙත ලැබී ඇත්නම් ඒ සඳහා ක්‍රියාකිරීමෙන් වළකින ලෙසටද අමාත්‍යවරයා අදාළ ලිපියෙන් මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.

