විදුලි කැපීම නැවැත්විය හැක්කේ තවත් ගාස්තු සංශෝධනයකින් පසුව පමණයි – ඇමැති කාංචන විජේසේකර

 

දැනට කරන විදුලි කැපීම සම්පුර්ණයෙන් නතර කළ හැක්කේ තවත් ගාස්තු සංශෝධනයකින් පසුව බවත්, ජනවාරියේ කරන ගාස්තු සංශෝධනයකින් පසුව අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කරන බවත්, විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඛනිජ තෙල් මිල දී ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ලංකා විදුලිබල මණ්ඩලයට නොලැබීම වත්මන් විදුලි කැපීමට හේතුව බව ද ඒ මහතා කියයි.

විදුලි ගාස්තු නැවත සංශෝධනය සඳහා යෝජනාවත් ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබා ඇති බව ද වාර්තා වෙයි.

සාම වසරක ම ජනවාරි සහ ජුලි මාසවල විදුලි ගාස්තු සංශෝධනය සඳහා ක්‍රියා කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *