රනිල්ට එරෙහි සජිත්ගේ ප්‍රකාශය පක්ෂයෙන් වළකයි ?

 

සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් සජිත් ප්‍රමදාස මහතා නිකුත් කිරීමට ගිය නිවේදනයක් පක්ෂයේ ජෙෂ්ටයින්ගේ මැදිහත්වීම නිසා නවතා දැමු බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිතුමා ප්‍රකාශය කරන මොහොතේ පාර් ලිමෙන්තුවේ නොසිටි සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වීමට උත්සහ දරා ඇත.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ එබඳු ප්‍රතිචාරයක් පක්ෂයට අවාසිදායක විය හැකි බව පක්ෂයේ අනෙක් නායකයින්ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත්, සැර බාල කළ නිවේදනයක් පසුව නිකුත්වනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *