පක්ෂය කඩන්න එපා ! ර්සව පාක්ෂික ආණ්ඩුවකට සුදානම් !! – සජිත්ගෙන් රනිල්ට පණිවිඩයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රජයට සම්බන්ධ කර නොගන්නා ලෙසත්. ර්සව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට තමන් සුදානම් බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක දී ද මෙම අදහස අනුමත වී ඇති අතර රජය සමග සාකච්ඡා කිරීම සඳහා තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත්කොට ඇත. රන්ජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අතතනයක , ලක්ෂ්මන් කිරිඇල්ල තිදෙනා ඒ සඳහා පත්කොට ඇති බව ද වාර්තා වෙයි.
සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් රජයට සම්බන්ධ වන බවට වාර්තා වීමෙන් පසු සජබය මෙම තීරණය ගෙන ඇතැයි කියති.
කෙසේ වෙතත්, ඇතැම් නිරීක්ෂකයින් කියන්නේ කල් ගැනීමේ උපායක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බවයි.
