ශ්‍රී ලංකාවේ ණය ලිහිල් කිරීම සඳහා අනෙකුත් ණය දෙන්නන් සමඟ එක්ව කටයුතු කරන බව චීනය ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීම සඳහා චීනය අනෙකුත් ණය දෙන්නන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව චීන මහජන සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ලී ගුවැන්ජුන් මහතාන්ප්රකාශ කරයි..
“ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා චීනය අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී” යැයි ඒ මහතා කියයි .
”ශ්‍රී ලංකාව සහ චීනය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සමර බවත් පසුගිය දශකය තුළ ද්විපාර්ශ්වික සබඳතා සුහද සහ මිත්‍රශීලී වූ අතර එමඟින් අප දෙරට අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීමේදී විශාල ප්‍රගතියක් ඇති කර ගැනීමට හැකි විය,” ලී පැවසීය.
2021 දී චීනය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳ සහකරු වූ අතර සෘජු විදේශ ආයෝජන ලැබුණු විශාලතම ප්රභවය වී තිබේ.
ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලයේ 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු මේ බව කරුණු ප්‍රකාශ කොට තිබේ.
