විපක්ෂයේ ඒකාබද්ධ විරෝධයට ආවේ 2500 යි ; පොලීසියෙන් 3000 යි – ‘සන්ඩේ ටයිම්ස්’ දේශපාලන ලියුම්කරු කියයි

විපක්ෂයේ පක්ෂ ගණනාවක සහභාගීත්වයෙන් නොවැම්බර් 2 දා මරදානේ පැවති විරෝධතාවයට පැමිණි සංඛ්‍යාව 2000 සහ 2500 අතර වන බව පොලිස් වාර්තා සඳහන් කරන බවත්, එය අතරමග නතර කිරීමට පොලිසියෙන් යොදවා සිටි සංඛ්‍යාව 3000 ක් පමණ වන බවත්, ‘සන්ඩේ ටයිම්ස්’ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතේ දේශපාලන ලියුම්කරු ප්‍රකශ කරයි.
රටේ දේශපාලන සිදුවීම් පිළිබඳව එම ලියුම්කරු පුවත්පතට නිතිපතා ලියන ලිපියේ අද (6) දින ඔහු මේ බව සඳහන් කර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව පැවැත් වූ විරෝධතාවය දුර්වල තත්ත්වයක පැවති බවයි.
2 දා විරෝධතාවයට දේශපාලන පක්ෂ 20 සහ වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන 150 ක් පමණ සහභාගී වූ බව වාර්තා වී තිබේ.
සන්ඩේ ටයිම්ස් ලිපියේ මෙම කරුණු සටහන් වන්නේ පහත සඳහන් ආකාරයෙනි
it was a week in which the government had to cope, for the second time, with a threat from protestors who wanted to storm the city centre in Fort. Despite all the brouhaha, it turned out to be a damp squib. There were more police personnel than protestors
This was why busloads of Policemen, estimated to be around 3,000 were deployed for special duty in the area and its environs.
If the Police estimates are correct, there was “anything between 2,000 to 2,500 participants.” That is even lower than the number of police personnel who turned up for special duty.
