සජිත්ට හූ කීම පොහොට්ටු කුමන්ත්‍රණයක් කීමේ මාධ්‍ය මෙහෙයුම හබක් !

 

ඊයේ පැවති විරෝධතාවයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හූ කියා පන්නා දැමීම පොහොට්ටු පක්ෂයේ සහ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් ලෙස ප්‍රචාරය කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් දැරූ උත්සහයක් විරෝධතාවය මෙහෙයවූ වෘතිය සමිති නායකයින්ගේ විරෝධය මත අතහැර දැමු බව වාර්තා වෙයි.

මෙය ආණ්ඩුවේ ක්‍රියාවක් බව කියන්නට වෘත්තීය සමිති නායකයින් පොළඹවා ගැනීමට සජබ නායකයකු ඔවුන් ඇමතු විට ඔවුන් කියා ඇත්තේ සජිත්ට විරෝධය පළ කිරීමට සජබයේ ම පිරිසක් පෙරමුණ ගෙන සිටි බව පැහැදිලිව පෙනී ගිය බවයි.

මාලිගාවත්තෙන් පැමිණි පිරිසක් සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද මෙහි දී කැපී පෙනෙන ලෙස ක්‍රියාත්මක වූ බව පෙන්වා  දුන් වෘත්තීය සමිති නායකයින් පවසා ඇත්තේ රටම දුටු සිදුවීමක් ගැන බොරු කියා විහිලු කාරයින් වන්නට බැරි බවයි.

එම විරෝධය නිසා සජිත්ට හු කීම ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව කීමේ මාධ්‍ය මෙහෙයුම අත්හැර දමන්නට සජබ නායකයන්ට සිදු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *